2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Wednesday 16 June 2010

ප්‍රබුද්ධයාණ, ඇදුරාණ ,මිතුරාණ ….

Author: පරාක්ර්‍‍රම නිරිඇල්ල
Date: 09/11/2009
Source: vikalpa.org

ශ්‍රී ලංකාවේ ගාමිණී හත්තොටුවේගම නමැති පුරෝගාමී නාට්‍යකරුවා පිළිබඳ අවමංගල උත්සවයේ රඳවා තිබුණු ශෝක ප්‍රකාශයක කවුරුන් විසින් හෝ මෙසේ සඳහන් කර තිබුණි. ‛‛දැවී මිසක ආලෝකය සපයනු කෙළෙසකද?’’ මෙය ඔහුටම සරිලන නිශ්චිතම ප්‍රකාශයකි. ඔහු ඔහුගේ වීදි නාට්‍ය ව්‍යාපාරය වෙනුවෙන් බහුතරය අපේක්ෂා කළ සම්මත ජීවන රටාවකට අවශ්‍ය සියල්ල නොතකා හැරියේය. ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පරිණත දැනුමැති විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් විය. එහෙත්, ඉංග්‍රීසි භාෂා දැනුම නිසා උදුම්මා ගත හැකිව තිබුණු හිස ඔහු නිහතමානීත්වයෙන් පුරවා ගත්තේ ය. ලෙහෙසියෙන්ම විශ්වවිද්‍යාලයයක මහාචාර්යවරයෙකු දක්වා විදග්ධ මහේශාක්‍යත්වයක් ලබා ගන්නට ඉවහල් වන ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනය සැපයීම වසරින් වසර කල් පසුකර පසුව සදාකාලිකවම එය අමතක කර දැම්මේ ය. සාක්කුවේ සතේ නැති වන තුරු වියදම් කළේ ය. හිසට සෙවණක් ගැන නොසිතුවේ ය. තම ශරීර සෞඛ්‍යය ගැන හෝ ජීවිතය ගැන නොතැකුවේ ය. ඔහු මේ සියලුම කැප කිරීම් කළේ වීදි නාට්‍ය ව්‍යාපාරය වෙනුවෙනි. වීදි නාට්‍ය කලාව ඔස්සේ ආමන්ත්‍රණය කළ පීඩනයට පත් වන ජනතාව වෙනුවෙනි.
70 දශකය, තුන්වැනි ලෝකය නමින් බලවත් රටවල් විසින් හඳුන්වනු ලැබූ කලාපයේ දේශපාලන විපර්යාශයන් රැසක් සිදු වූ වකවානුවකි. ලංකාවේ අප්‍රේල් කැරැල්ල ඇති විය. ආසියාවේ කාම්බෝජය, ලාඕසය, වියට්නාමය යන රටවල විමුක්ති ව්‍යාපාර විසින් බලය අල්ලා ගත් අතර තායිලන්තයේ සහ ඉන්දුනීසියාවේ විමුක්ති ව්‍යාපාර දැඩිව මර්දනය කෙරින. ඉන්දු-පකිස්ථාන යුද්ධයෙන් පසු බංග්ලාදේශය බිහි විය. ඉරාන විප්ලවය සිදුවිය. අප්‍රිකානු රටවල විමුක්ති අරගල උග්‍ර විය. ලතින් අමෙරිකානු රටවල්ද විමුක්ති රැල්ලෙන් උනුසුම් විය. චිලියේ අයන්ඩේ මරා ඒකාධිපතියෙක් බලය අත්කර ගත්තේය. මේ නිසා හටගත් විමුක්තිකාමයේ ප්‍රකාශන මාධ්‍ය ලෙස චිත්‍ර, නාට්‍ය හා සංගීත ආදී කලාවන්ට ප්‍රධාන භූමිකා හිමි විය. ජනතාව අතරට විමුක්තියේ පණිවිඩය ගෙන යාම සඳහා උපයෝගී කර ගත හැකි ප්‍රධාන මාධ්‍යයක් ලෙස නාට්‍ය කලාවට හිමි වූයේ ප්‍රධාන තැනකි. මේ බොහෝ නාට්‍ය ෆැක්ටරිවල, ගොවි බිම්වල සහ එළිමහන්වල දිවා රෑ දෙකෙහිම රඟ දක්වන ලදී. ජාත්‍යන්තරව මේ වර්ගයේ නාට්‍ය ස්ට්‍රීට් ඩ්‍රාමා, පොපියුලර් තියටර්, පොපියුලිස්ට් තියටර්, ඇජිට්ප්‍රොප් ප්ලේස් (ඇජිටේෂන් ප්‍රොපගැන්ඩා ප්ලේස්) යන නම්වලින් හඳුන්වන ලදී. (වියට්නාමය ආක්‍රමණය කරමින් ඇමෙරිකාව විසින් කළ යුද්ධයට එරෙහිව ඇමරිකාව තුළම පවා මෙවැනි නාට්‍ය රඟදැක්වින.) ප්‍රජාතන්ත්‍රවාදය හෝ විමුක්තිය වෙනුවෙන් මෙකී රටවල් හරහා හමා ගිය රැල්ල ලංකාවටද දැනුණි. (මම හරි නම්) 70 වර්ෂයේ හේමසිරි ලියනගේ නාට්‍යකරුවාගේ ‛‛සුදු ඇතා ආවාට පස්සෙ’’, පද්මශීල ද සිල්වාගේ ‛‛රට බාරයි නුඹට පුතේ ’’ යන නාට්‍යවලින් ආරම්භ වූ දේශපාලන නාට්‍ය රැල්ල 70 දශකය පුරා විද්‍යමාන විය. එහෙත්, ඒවා රඟදක්වන ලද්දේ ශාලා වේදිකාවල ය. තවත් විධිවලින් කිව්වොත් ශාලා තුළ පැවති ප්‍රොසීනියම් හෝ පිංතුරරාමු වේදිකාවල ය. මේ නාට්‍ය නිර්මාණය කර ඉදිරිපත් කළ නාට්‍යකරුවන් පෞද්ගලිකව විමුක්තිකාමී හැඟීමෙන් හෝ එකල පැවති වාමාංශික පක්ෂවලට බරව සිටියා මිස ඔවුන්ගේ නාට්‍ය නිර්මාණ කාර්යය සමඟ කිසිම දේශපාලන ව්‍යාපාරයක් බද්ධ වී තිබුණේ නැත. පීඩිත බහුතර ජනතාවක් වෙත මේවා යොමු වුවේ ද නැත. ඊට හේතුව වැඩි වශයෙන් මේ නාට්‍ය නාගරික ශාලා වේදිකා මත පමණක් රඟ දැක්වීමයි. මේවා නැරඹුවේ මධ්‍යම පංතිය පමණකි. මේ නිසා මෙම නාට්‍යකරුවන් දුක් විඳිමින් සහ ණයතුරස් වෙමින් නිර්මාණය කර රඟදැක්වූ මේ නාට්‍ය ‛‛මධ්‍ය පංතික හුමාලය පිට කිරීමක් ’’ ලෙස සමහර විචාරකයෝ අර්ථ දැක්වූහ. ‛‛පපඩම් නාට්‍ය’’යැයිද කීහ.
70 දශකයේ පැවති මේ අඩුපාඩුව තරමක් හෝ සපුරා ලන්නේ ‛‛විවෘත වීදි නාට්‍ය කණ්ඩායම’’ විසිනැයි මම එක හෙලා ප්‍රකාශ කර සිටිමි. වීදි නාට්‍ය කණ්ඩායම බිහි වුනේ මා පෙර කී ජාත්‍යන්තර දේශපාලන නාට්‍ය ප්‍රවාහයට හෝ ජාත්‍යන්තර තලයේ පැවති විමුක්තිකාමී රැල්ලට සහානුබද්ධව නම් නොවේ. ඒ ගැන දැනුවත්වද නොවේ. ‛‛අපි වීදි නාට්‍ය කරමු’’ කියා කතා කරගත් පෙර සූදානමක් ඇතිවද නොවේ. වීදි නාට්‍ය ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳව බොහෝ අය නොදන්නා නිසා බොහෝ තැන්වල ප්‍රකාශ වන්නේ ඒ ගැන වැරදි සහගත තොරතුරු ය.
1974 ජනවාරි මාසයේ, එවකට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලට අනුබද්ධව පවත්වාගෙන ගිය කලා කේන්ද්‍ර රංග ශිල්ප ශාලිකාවේ තුන්වැනි නාට්‍ය හා රංග කලා පාඨමාලාව ආරම්භ විය. මමත්, එච්.ඒ.පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි සහ හේමසිරි අබේවර්ධනත් ඇතුලු 40ක ගෙන් පමණ සමන්විත ශිෂ්‍ය පිරිසක් එම පාඨමාලාව හැදෑරීමේ නියැලී සිටියහ. අපේ ප්‍රධාන ගුරුවරයා වූ ධම්ම ජාගොඩ මහතා ශාලිකාවේ අධ්‍යක්ෂ ධුරය හෙබවූ අතර තව ආචාර්යවරු කිහිපදෙනෙක් ද අපට දැනුම බෙදා දුන්හ. ඒ අය අතර ගාමිණී හත්තොටුවේගම, ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ආචාර්ය සුචරිත ගම්ලත්, බන්ධුල ජයවර්ධන වැන්නෝ ප්‍රධාන වූහ. ධම්ම ජාගොඩ මහතා සැඩපරුෂ ගුරුවරයෙක් විය. එහෙත් පෙර‛පර දෙදිගම නාට්‍ය කලාව පිළිබඳව ඔහු තුළ වූ හසල දැනුම මේ පාඨමාලාවේදී හැමතින්ම විද්‍යමාන විය. සිසුන් අතර ඉතාම ජනප්‍රිය ගුරුවරයා වූවේ හත්තොටුවේගම මහතාය. ඔහු එවකට කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කථිකාචාර්ය වරයෙක් විය. ඔහු ඉගැන්වීමට එනතුරු ශාලිකාවේ අප බලා සිටියේ නොයිවසිල්ලෙනි. කතන්දර, උපහාස, හාස්‍යය සහ සිනාරැලි මැද ඔහු සමඟ ගත කළ කාලය හැමවිටම මදියැයි අපට හැඟුනි. ඔහු අසම්මත ගුරුවරයෙක් විය. රංග අභ්‍යාසවලින් ඇරඹෙන ඔහුගේ ඉගැන්වීම් කාලය ශේක්ෂ්පියර්, වික්ටර් හාරා, ලොරන්ස් ඔලීවියර්, ඉග්නාට්සියෝ සිලෝනෙ, ෆ්‍රුන්කෝ ටෲෆෝ සහ පැබ්ලෝ පිකාසෝ ඔස්සේ පැය දෙක තුන දැනුම් සාගරයක් ඔස්සේ දිග්ගැස්සෙයි. රාත්‍රී කාලයේ පන්ති හමාර වී හොරණ බස් රථය අල්ලන්නට ඔහු ලයනල් වෙන්ඩ්ට් සිට ටවුන් හෝල් දක්වා පයින්ම යයි. ලයනල් වෙන්ඩ් රඟහල අසලින් 138 මහරගම බස් රථයට ගොඩවන්නට හැකි අප ටවුන් හෝල් දක්වා ඔහු පසුපස ගියේ තවත් කතන්දර අසන්නටයි. එමෙන්ම, ඔහු කෙරෙහි තිබුණු ආදරය නිසයි. එවකට ඔහු ‛‛චිත්‍රපට විචාරක සංගමයේ ’’ සහ ‛‛ලයනල් වෙන්ඩ්ට් සිනමා කවයේ ’’ සභාපති තනතුරුද දැරීය. ඔහු නිසා විශිෂ්ට ජාත්‍යන්තර චිත්‍රපට රාශියක් දැක බලා ගන්නටත්, ඒවා පිළිබඳව ඔහුගේ ඇසුරේ හදාරන්නටත් අපට භාග්‍යය හිමි විය. ඔහු ගුරෙක්යැයි අපට නොසිතුන ගුරුතුමෙක් විය.
1974 අප්‍රේල් කාලය වනවිට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‛‛මනමෙ’’ නාටකයේ දෙවැනි නිෂ්පාදනය ආරම්භ විය. එහි පුහුණුවීම් සඳහා රංග ශිල්ප ශාලිකා පරිශ්‍රය භාවිතයට ගැණින. මේ නිසා අපගේ ඉගෙනුම් කටයුතු අඩාල විය. ‛මනමෙ’ නිෂ්පාදනයේ සහය අධ්‍යක්ෂ සහ ‛වැද්දාගේ ’ චරිතය නිරූපණය කළ ධම්ම ජාගොඩ මහතා කාර්ය බහුල වීම නිසා ඉගැන්වීම් කටයුතුවල යෙදෙන්නට කාලයක් නොමැති විය. ඒ නිසා හත්තොටුවේගම මහතා ශාලිකා සිසුන් වූ අපව අත් නොහල එකම ගුරුතුමා බවට පත් විය. ඒ නිසා ඔහු හා අපගේ බැඳීම තව තවත් වැඩි විය. මේ වකවානුවේ එක් දිනක් ආචාර්ය සෝමරත්න බාලසූරිය මහතා අපට අපූරු දේශනයක් කළේ ය. ඒ ඔහු ප්‍රංශයේ ආචාර්ය උපාධිය හමාර කර පැමිණි අලුතය. ඔහුගේ දේශනයේ මාතෘකාව වූවේ ‛‛විකල්ප නාට්‍ය භාවිතය’’ පිළිබඳවයි. ලෝකයේ වෙනත් රටවල නාට්‍යකරුවන් සම්මත රංග ශාලාවල රඟදැක්වීම්වලින් සහ ප්‍රොසීනියම් වේදිකාවෙන් බැහැර වී නාට්‍ය රඟදක්වන ආකාරය ඔහු රසවත්ව විස්තර කළේ ය. වීදි නාට්‍ය ගැනද කතා කළේය. විකල්ප නාට්‍ය ලෙස ලංකාවේ අපට තිබෙන උදාහරණ ලෙස ඔහු දැක්වූවේ වෙසක් නාට්‍ය, කවි නාඩගම් සහ ටීටර් මඩුය. මේ දේශනයෙන් පසු පිස්සු වැටුනේ අපේ
පංතියේ සහෝදරයෙක්ව සිටි හේමසිරි අබේවර්ධනය. ළඟ එන වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් නාට්‍යයක් හදමු යැයි ඔහු යෝජනා කළේය. කවුරුත් ඒ යෝජනාව පිළිගත්හ. ඔහු බන්දුල ජයවර්න මහතාගේ ‛‛බුදුවනු බෝසතාණෙනි’’ නාට්‍යයේ පිටපතද ඉල්ලාගෙන විත් පුහුණුවීම් ආරම්භ කළේය. පංතියේ සිටි ගැහැනු ළමුන් මෙම නාට්‍යයට සම්බන්ධ කර ගතයුතු නිසා ගුරුවරයෙකුගේ සරණ අපට අවශ්‍ය අවශ්‍ය විය. රංග ශිල්ප ශාලිකාවේ අධ්‍යක්ෂ ධම්ම ජාගොඩ මහතාගේ අවසරයද ගත යුතු විය. ‛මනමෙ’ නාටකයේ වැඩ අධික නිසා තවත් වගකීමක් කරට ගන්නට ධම්ම ජාගොඩ මහතා අකමැති වූ නමුත් ‛’බුදුවනු බෝසතාණෙනි’’ නාට්‍යයේ පුහුණුවීම් කටයුතු ශාලිකා පරිශ්‍රය තුළ කිරීමට ඔහුගෙන් අවසරය ලැබුණි. ඊළඟට අපේ පිහිටට සිටියේ ගාමිණී හත්තොටුවේගම ගුරුතුමා ය.
ඔහු මේ වනවිට විකල්ප නාට්‍ය වැඩපිළිවෙළකට සුදුසු අත්හදා බැලීමක් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සිසුන් සමඟ සම්පූර්ණ කර තිබුණි. ‛‛රංග කැබලි’’ නමින් නාට්‍යමය අවස්ථා විශේෂයක් ඔහු විසින් එහිදී අත්හදා බැලුවේය. සැමුවෙල් බෙකට්ගේ නාට්‍යයක් එක වචනයක්වත් නැති නිහඬ රැඟුමක් ලෙස නිෂ්පාදනය කර තිබුණි. රජතුමාගේ නොපෙනෙන ඇඳුම පිළිබඳ කතාවෙන්, එවකට පැවතුනු පාලන තන්ත්‍රය පරිහාසයට ලක් කෙරෙන සංකේත නාට්‍යයක් ‛‛රජදැක්ම’’ නමින් නිෂ්පාදනය කර තිබුණි. මෙවන් ඔහු වගකීම භාරගෙන රංග ශිල්ප ශාලිකා සිසුන් සමඟ අපේක්ෂිත වෙසක් නාට්‍යයේ පුහුණු වීම් ආරම්භ කළේය. පුහුණුවීම් පටන් ගත්තේ ‛‛බුදුවනු බෝසතාණෙනි’’ නාට්‍යය නිෂ්පාදනය කරන්නට වුවත් පළමුවැනි දවසේම ඒ පිටපත පැත්තකට දැමුණි. ඒ වෙනුවට පිටපතක් නැතිව නාට්‍යයක් නිර්මාණය කිරීම ආරම්භ විය. ඒ සඳහා එසැණ නිරූපණ ක්‍රමවේදය (Improvising Method)භාවිතා විය. එසැණ නිරූපණ ක්‍රමවේදය යනු කතාවේ අවස්ථා පෙළගස්වා ගැනීමෙන් පසු එක් එක් අවස්ථාව නාට්‍ය කණ්ඩායම විසින් අවස්ථානුකූලව කටට එන දෙබස් සහ නිරූපණයන් මගින් ගොඩ නගාගෙන පසුව ඒවා තෝරා බේරා පිරිපහදු කරගනිමින් ක්‍රමානුකූලව නාට්‍යය සම්පූර්ණ කර ගන්නා විධික්‍රමයකි. මේ ක්‍රමයට අනුව පිටපත සම්පූර්ණ වන්නේ නාට්‍යය නිෂ්පාදනය කර හමාර වූ පසුව ය. මේ අපූර්ව ක්‍රමවේදය මා ඉගෙන ගත්තේ ගාමිණී හත්තොටුවේගම ගුරුතුමාගෙනි. ඒ ආකාරයට ‛‛බෝසත් දැක්ම’’ නාට්‍යය නිර්මාණය වී හමාර විය. (අපේ ගම්වල සොකරි සහ කවි නාඩගම් රඟදැක්වූ ජන නාට්‍යකරුවන් දෙබස් පුහුණු වන්නේද පිටපතක් නොමැතිව එසැණ නිරූපණ ක්‍රමවේදයට බොහෝ සෙයින් සමාන ක්‍රමයකට බව පසුව මට ඉගෙන ගන්නට හැකිවිය. ඔවුන් ලිඛිතව ආරක්ෂා කර ගන්නේ එම ජන නාට්‍ය විශේෂයන්හි කවි පමණකි.) ‛‛මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද?’’ නාට්‍යයත් ඒ ක්‍රමවේදයම භාවිතා කොට සම්පූර්ණ කරගත හැකි විය. ඒ අතර ඔහු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේදී
නිෂ්පාදනය කර තිබුණු ‛‛රජදැක්ම’’ නාට්‍යයද නැවත නිෂ්පාදනය කෙරුණි. එපරිදි අපගේ තරුණ නාට්‍ය කණ්ඩායම නාට්‍ය තුනකින් සන්නද්ධ විය. එහෙත්, මේ වනවිට වෙසක් උත්සවය පසු වී තිබුණි. වෙසක් උත්සවය වෙනුවට පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට ගොස් ඒ නාට්‍ය රඟදක්වමු යැයි හේමසිරි අබේවර්ධන යෝජනා කළේය. ඊට හත්තොටුවගම මහතාගේද කැමැත්ත ලැබුණි. පොළොන්නරුවේ නාට්‍ය රඟදැක්වීම් සංවිධානය කරණ ලද්දේ හේමසිරිගේ හැඳුනුම්කම් මතය. ඔහුත් සමඟ මමද එම දර්ශනය සංවිධානය කිරීම සඳහා පොසොන් පොහොයට සති දෙකකට පෙර අනුරාධපුරයට ගියෙමි. හේමසිරි අබේවර්ධන එවකට මහජන බැංකුවේ ලිපිකරුවෙකි. ඔහු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වූ බැවින් අනුරාධපුරයේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රාදේශීය ශාඛාවේ, ලංකා ගුරු සංගමයේ සහ ජනතා ලේඛක පෙරමුණේ සහාය මේ දර්ශන සංවිධානය කිරීම සඳහා ලැබුණි. දුම්රිය සේවක සංගමයේ අනුරාධපුර ශාඛාවේ මැදිහත් වීමෙන් එවකට දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්ව තිබුණු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට පිට්ටනිය ලබාදෙන ලදී. මෙම දර්ශනය පැවැත්වීම සඳහා අනුරාධපුර පූජා භූමි රක්ෂණ මණ්ඩලයේ විශේෂ අවසරයද ගැනීමට සිදුවිය. එවකට ගුරු සංගමයේ ශාඛා ලේකම්ව සිටි වාසල ගුණරත්නගේ සහ අනුරාධපුර පුස්තකාලයාධිපතිව සිටි ආර්.යූ.විජේසේන මහතාගේ පෞද්ගලික මැදිහත් වීමද මෙම දර්ශන සංවිධානය කර ගැනීමට මහෝපකාරී විය. පිට්ටනියේ තිබුණු (ඒ කාලයේ වහලයක් නොතිබුණු) එළිමහන් වේදිකාව මේ සඳහා භාවිතා කිරීමට අපි තීරණය කළෙමු. එයට ආලෝකය සපයා ගන්නා ලද්දේ අසල්වැසි නිවෙසකින් විදුලි වයර් එකක් ඇද ගැනීමෙනි. වොල්ට් 500 ක බල්බ් එකක් සහ පාට බල්බ් වැලක් වේදිකාව ඉදිරියෙන් එල්ලන ලදී.
1974 වර්ෂයේ පොසොන් පොහොය යෙදී තිබුණේ ජූනි මස 04 වැනි දිනයටය. නාට්‍ය කණ්ඩායම එදිනම උදේ කොළඹ කොටුවේ සිට උදේ දුම්රියෙන් අනුරාධපුරයට පිටත් විය. එදා දුම්රිය අනුරාධපුරයට යන පොසොන් බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගිය දවසකි. නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ රූපසිංහ කංකානම්ගේ අනුරාධපුරයට ගිය පසු තම්බාගෙන කෑම පිණිස බතල ගෝනියක් කර තබාගෙන දුම්රියට ගොඩවුන හැටි මතක ය. කණ්ඩායමේ බොහෝ දෙනෙකු අනුරාධපුරය දක්වා ගියේ හිටගෙන ය. බොහෝ දෙනෙකු අතේ මුදල් තිබුණේ නැත. කණ්ඩායමේ සමහරු ගියේ ප්‍රවේශපත්‍ර නැතිව හොරෙන්ය. දුම්රිය පොලවල තිබුණු දන්සැල්වලින් වේල පිරිමසා ගැනින. එදා රාත්‍රී වේල පිරිමසා ගත්තේ රූපසිංහ කංකානම්ගේ සොහොයුරාගේ බතල ගෝනියේ පිහිටෙන් සහ දන්සැල් බත්වල පිහිටෙනි. එදින රාත්‍රියේ අපේ ‛‛පොසොන් නාට්‍ය දර්ශනය’’ සාර්ථකව රඟදක්වන්නට අපට හැකි විය. එදා රාත්‍රිය ගත කළේ ලංකා ගුරු සංගම් කාර්යාල පරිශ්‍රයේ සීමිත ඉඩකඩෙහිය.
පසුවදා, එනම් ජූනි 05 වැනිදා උදේ දුම්රියෙන් ආපසු කොළඹ ඒම සඳහා සියල්ලෝම දුම්රිය පොලට ගිය අතර සෑහෙන වේලාවක් දුම්රිය එනතුරු අපට එහි රැඳී සිටින්නට සිදුවිය. ඒ අතරතුර දුම්රිය වේදිකාවේ නාට්‍ය රඟදක්වමු යැයි කණ්ඩායමේ කාට හෝ අදහසක් පහළ විය. හත්තොටුවේගම මහතා ‛‛බෝසත් දැක්ම’’නාට්‍යයට භාවිතා කරණ රජුගේ කඩුව ඔසොවාගෙන වටයක් ගොස් එය බිම තබා ‛‛මෙතන නාට්‍ය පෙන්නමු’’ කී සැටි මතක ය. එම්.එස්.පෙරේරා සොහොයුරාගේ කර මත නැගුණු හීනටිගල ප්‍රේමදාස දවුල් බෙරය වයමින් පදික වේදිකාවේ එක් තැනකට සෙනඟ රැස් කළේය. ප්‍රේක්ෂකයින්ට ප්‍රොසීනියම් වේදිකාව ඉදිරියේ එක් පැත්තක සිට නරඹන්නට පුහුණු කළ නාට්‍ය සතර වටේ රවුමට එකතු වූ ප්‍රේක්ෂකයින්ට පෙන්වන්නේ කෙසේදයි මට නම් ප්‍රශ්නයක් මතුවිය. එහෙත්, ප්‍රථමයෙන්ම ‛‛මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද?’’ නාට්‍යය රඟදැක්වෙන විට රැස්ව සිටි ප්‍රේක්ෂකයෝ එය අඩුවක් නැතිව රස වින්දෝය. ඉන්පසු ‛‛බෝසත් දැක්ම’’ ආරම්භකරණ ලදී. එය අවසන් කරන්නට පෙර කොළඹ යන දුම්රිය පැමිණි බැවින් රඟදැක්වීම නතර කරන්නට සිදුවිය. එළෙස පළමුවැනි ඓතිහාසික ‛‛වීදි නාට්‍ය’’ රඟදැක්වීම සිදුවිය. මෙම නාට්‍ය දර්ශනවලට මමත් හේමසිරි අබේවර්ධනත් හැරෙන්නට එච්.ඒ.පෙරේරා, එම්.රවින්ද්‍රතිලක, ගාමිණී හෙට්ටිආරච්චි, නිහාල් රණසිංහ, එම්.එස්.පෙරේරා, පියරත්න අධිකාරි, ආනන්ද ද සිල්වා, හීනටිගල ප්‍රේමදාස, ෂෙල්ටන් කැකුලාවලගේ, රූපසිංහ කංකානම්ගේ, ජයන්ත පෙරේරා, රින්ස්ලි වීරරත්න, චන්ද්‍රසිරි ද සිල්වා, එම්.පී.සරත්, සරත් කුමාර, ලලිතා ගුරුගේ, ශීලා නුවරපක්ෂ, කුමාරි මොරවක, චිත්‍රා කුමාරි යාපා බණ්ඩාර, අර්ජුන ද අල්විස්, අනුරසිරි ද සිල්වා, නිමල් චන්ද්‍රසිරි, සනත් දසනායක, සුනිල් සමරසේකර, ඥානසිරි රාජපක්ෂ යන අය දායක වූහ.
1974 වර්ෂයේ අගෝස්තු මාසයේ දිනයක හොරණ, පොල්හේන්ගොඩ දී පිට්ටනියක සෑදූ වේදිකාවක රඟදැක් වූ නාට්‍ය දර්ශනයත් සමඟ ලින්ටන් සේමගේ, සැනට් දික්කුඹුර, දීපානි සිල්වා, දයා දසනායක, සරත් අමරවංශ, ජයන්ත ගුණතිලක, නාමල් ප්‍රියදේව, අරවින්ද ගමගේ, අතුල වේරගොඩ, චන්දිමා ජීවනී, ලලනි පීරිස්, ක්‍රිෂාන්ති මෙන්ඩිස් යන අයද වීදි නාට්‍ය කණ්ඩායමට එක්විය. එලෙස 38 දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් නාට්‍යකණ්ඩායමක් බවට එය පත් විය. හත්තොටුවේගම මහතා එයට නම් තැබුවේ ‛‛විවෘත වීදි නාට්‍ය කණ්ඩායම’’යනුවෙනි.
වීදි නාට්‍ය කණ්ඩායමේ මූළික පරමාර්ථය වූවේ රංග ශාලාවලට පැමිණ නාට්‍ය නරඹන්නට අවස්ථා නොලැබෙන, ඒවාට සමීප විය නොහැකි බහුතර ජනතාවක් වෙත නාට්‍ය කලාව ගෙන යාමයි. ඒ අනුව, කමත්වල, ෆැක්ටරිවල, පන්සල් සහ පල්ලි මිදුල්වල, එළිමහන් වේදිකාවල, වෙළඳපොළවල ආදී මිනිසුන් ගැවසෙන ඕනෑම තැනක මෙම නාට්‍ය රංග ගත කෙරුණි. මෙම ක්‍රියාවලියේදී මගේ මනස ආකර්ශණය කරගත් වටිනාම දෙය නම් එකම නාට්‍ය සමුච්ඡය විවිධ ස්ථානවල රංග ගත වනවිට මිනිසුන් වට කර ගත් ආකර්ශණීය රංග භූමියක් නිර්මාණය වන ආකාරයයි. ශාලාවල්වල ප්‍රොසීනියම් වේදිකාව අප තවත් එක් රංග භූමියක් බවට පත් කර ගන්නවා විනා නාට්‍ය රඟ දක්වන එකම ස්ථානය එය නොවේ. එයට වටිනාකමක් දී ඇත්තේ වාණිජත්වය විසිනි. රංග භූමි විවිධාකාර ලෙස භාවිතා කරමින් සම්භාව්‍ය නාට්‍ය පවා රංග ගත කළ හැකිය. මෙම භාවිතය ඔස්සේ අසීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වෙත නාට්‍යකරුවන්ට ළඟා විය හැකිය. මේ සත්‍යතාව මා පසක් කර ගත්තේ ගාමිණී හත්තොටුවේගම අපේ ගුරුතුමා නායකත්වය දුන් විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ රඟදැක්වීම් හැදෑරීමෙනි. වීදි නාට්‍ය ව්‍යාපාරය ලංකාවේ ආරම්භ වූවේ පවත්නා සම්මත ශාලා වේදිකාවල නාට්‍ය රඟදැක්වීමේ ක්‍රමයට විකල්පයක් වශයෙනි. සමාජ සම්මතයකට එරෙහිව විකල්පයක් බිහි වී කල් යාමේදී එය ජනප්‍රිය වුවහොත් හෝ වැඩි වශයෙන් භාවිතා වුවහොත් එම විකල්පයද තවත් සම්මතයක් බවට පත් වේ. ජපානයේ වෙළඳ සමාජය අතර කබුකි සම්ප්‍රදායය බිහි වූවේ ඊට පෙර එහි සුපිරි සමාජයට පමණක් සීමා වී තිබුණු නෝ නාට්‍ය සම්ප්‍රදායයට විකල්ප වශයෙනි. එහෙත්, ශතවර්ෂයක් තුළ නෝ නාට්‍ය අභිබවා කබුකි සම්ප්‍රදායය ජපන් සමාජය තුළ තවත් සම්මතයක් ලෙස තහවුරු විය. අපේ රටේ කොළඹ නගරයේ ටවර් රඟහල සහ නූර්ති සම්ප්‍රදායය ආරම්භ වූවේ එතෙක් පැවති (කොළඹ ආශ්‍රීතව නිතර රඟදැක් වූ) කෝලම් සහ නාඩගම් වැනි ජන සම්ප්‍රදායයන්ට විකල්ප වශයෙනි. දශක දෙකක්වත් ඉක්මෙන්නට පෙර එම සම්ප්‍රදායය ‛‛ටීටර්’’ නමින් ගැමියන් අතරද ව්‍යාප්ත වෙමින් සම්මතයක් බවට පත් විය. ඉන්පසු රට පුරා ශාලා වේදිකා බිහි වූවේ ඒ අනුසාරයෙනි. එයට විකල්පයක් වශයෙන් ආරම්භ වූ වීදි නාට්‍යද අද සම්මතයක් බවට පත් වන තරමට කතා බහට ලක් වී ඇත. වීදි නාට්‍ය කණ්ඩායම් රැසක් අද රට පුරා ක්‍රියාත්මක වී පවතීයි. එබැවින්, ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂෙත්‍රය තුළ එවන් වෙනසක් ඇති කිරීමට හේතු කාරක වූ වීදි නාට්‍ය ව්‍යාපාරයේ ‛‛පුරෝගාමියා’’ ගාමිණී හත්තොටුවේගම මහතා බව පැවසීම ඔහුගේ ගෝලබාලයින් වූ අපට මහත් ආඩම්බරයකි. වීදි නාට්‍ය රඟ දැක්වූවේ ඉතාමත් දුප්පත් ආකාරයකිනි. තැන්පත් මුදලක් රැස්කර ගත්තේ කලක් ගත වූ පසුවය. පසු කාලයක කුරුණෑගල දේවසරණ මධ්‍යස්ථානයේ යොහාන් දේවානන්ද පියතුමා විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට දෙන ලද උදව් හැරෙන්නට වෙනත් ආර්ථික සහනයක් නොවීය. බොහෝ අවස්ථාවල නාට්‍ය දර්ශන සඳහා යන ගමන් වියදම් පියවා ගත්තේ නාට්‍ය කණ්ඩායමේ රැකියා කරණ අය විසින් මුදල් නොමැති සාමාජිකයින් වෙනුවෙන් බරපැන් දරනු ලැබීමෙනි. එවකට රැඩිකල් අදහස්වලින් සිත් පුරවාගෙන සිටි වීදි නාට්‍ය කණ්ඩායමේ අපට අගහිඟකම මහත් ශක්තියක් හා පන්නරයක් ලැබීමට හේතුවක්ම විය. විටෙක වීදි නාට්‍ය කණ්ඩායමේ රඟදැක්වීම් ප්‍රචණ්ඩ ස්වභාවයක් ඉසිලීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1974 නොවැම්බර් මාසයේ රෝම නගරයේ දී ‛‛ලෝක ආහාර සම්මේලනයක් ’’ පවත්වන ලදී. එහි මූළික තේමාව වූවේ ලෝක ජනතාවගේ සෞඛ්‍යය වර්ධනය කිරීම සහ ඔවුන්ට පෝෂ්‍යදායී ආහාර සැපයීමයි. ලෝක සෞඛ්‍යය සහ ආහාර ප්‍රශ්නවලින් ගොඩ ඒම සඳහා වැඩිවන ජනගහනය පාලනය කිරීමට පියවර ගතයුතුයැයි මෙම සම්මේලනයට සහභාගි වූ ලෝක ප්‍රධානීහු ප්‍රධාන තීරණයක් ගත්හ. ඉන්පසු ජනමාධ්‍යවලින් මෙම සම්මේලනය දැඩි විවේචනයට හා ප්‍රහාරයන්ට ලක් කළේ ලෝක ආහාර ප්‍රශ්නය ගැන තීරණය ගැනීම පිණිෂ එම සම්මේලනයට සහභාගී වූවන්ට ආහාර සැපයීම සඳහා වැය කර තිබුණු විශ්වාස කළ නොහැකි අති දැවැන්ත මුදල් ප්‍රමාණය එළිදරව් වීම නිසා ය. එමෙන්ම, අඩු ජනගහනයක් සහිත ධනවත් රටවල් ලෝක ආහාර සංචිතයෙන් අධික ප්‍රමාණයක් අසීමිතව පරිභෝජනයට ගනිමින් තමන්ගේ ජනගහනය පාලනය කර ගන්නැයි දිළිඳු රටවලට බල කිරීම විහිලුවක් බව විචාරකයින්ගේ මතය විය. වැඩි කල් නොගොස් මෙම රෝම සම්මේලනයේ අතුරු කාර්යයක් ලංකාවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුවිය. එය ලංකාවේ ජනගහනය සීමා කිරීමේ ක්‍රමවේදයන් විමර්ශණය කිරීමේ සම්මන්ත්‍රණයකි. ගාමිණී හත්තොටුවේගම මහතාගේ අදහස වූවේ මෙයට විරෝධය දක්වන නාට්‍යයක් නිර්මාණය කරගෙන පූර්ව අවසරයක් නොමැතිව එහි ගොස් රඟදැක්වීම ය. නියමිත දිනයේ උදේ සිට සවස් වනතුරු නාට්‍යයක් පුහුණු වී ලයනල් වෙන්ඩ්ට් රඟහලේ සිට පයින්ම අපි පදනම් ආයතනයට ගියෙමු. එවිට රාත්‍රී 7.00 පමණ විය. සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් පසුව එහි රැඳවුම් ශාලාවේ විශාල කොක්ටේල් පාටියක් පැවැත්වෙමින් තිබුණි. යුරෝපීය ජාතිකයින් සහ එවැනිම ස්වදේශිකයින් බොහෝ දෙනෙක් ඒ මොහොත වනවිට සිටියේ මධුවිත තොල ගාමිනි. ඔවුන්ගේ සතුට පිණිස නාට්‍යයක් රඟ දක්වන්නදැයි හත්තොටුවේගම මහතා සංවිධායකයින්ගෙන් විමසීය. අවසරය ලැබිණ. මධුවිත අතට ගත් සියලුදෙනාම නැවත වතාවක් ප්‍රධාන ශාලාවේ වාඩි කරවා නාට්‍යය ආරම්භ කළේය. එය උපහාසාත්මක නාට්‍යයක් විය. යුරෝපීය සහ අනෙකුත් අධිරාජ්‍යවාදීන් අසීමිතව සහ කෑදර ලෙස කන බොන සැටිත්, කෑම ඉල්ලා සිටින දුප්පත් දරුවන් සහ දෙමව්පියන් නොතකා හරිනු ලබන සැටිත් එයින් නිරූපණය විය. එමෙන්ම, පසුව දුප්පත්කම වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන ඔවුන් දුප්පත්කමට විසඳුමක් වශයෙන් පෙත්තක් ඉදිරිපත් කිරීමේ හාස්‍යජනක සිදුවීමකින් නාට්‍යය කෙළවර විය. එම නාට්‍යය රඟදැක්වූ කාලය විනාඩි 10 ක් වූ අතර එයින් ඇති කළ බලපෑම ප්‍රබල විය. හත්තොටුවේගම මහතා සමඟ එම සම්මන්ත්‍රණයේ වගකිව යුත්තෝ වාදයක පැටලුනු අතර, එවැනි නාට්‍යයක් රඟ දක්වන්නට ඉඩ දුන්නේ කවුදැයි අනෙක් අය අතරද උණුසුමක් වර්ධනය වන්නට විය. පොලීසිය කැඳවන්නට කළින් නාට්‍ය කණ්ඩායමේ අප සියල්ලෝම එතැනින් ඉවත් වීමු. මෙම ප්‍රවෘත්තිය පුවත්පත්වලද පළ වූ අතර ‛‛ජනවේගය’’ පුවත්පත ඒ පිළිබඳව පළ කළේ ‛‛කොක්ටේල් පාටියකදී බෝම්බයක් පුපුරයි සමාවෙන්න, එය බෝම්බයක් නොවේ වීදි නාට්‍යයක් ’’ යනුවෙනි. වියට්නාමයට අමෙරිකාවේ අත පෙවීමට එරෙහිව අමෙරිකාව තුළම සමහර තරුණ නාට්‍ය කණ්ඩායම් විසින්ද, වියට්නාම් හා පිලිපීන විමුක්ති ව්‍යාපාරවලට අනුබද්ධ නාට්‍ය කණ්ඩායම් විසින්ද මෙලෙසින්ම ක්ෂණික නාට්‍ය රඟදැක්වීම් වලින් ප්‍රහාර එල්ල කර ඇති බවත්, ඒවා ‛‛ගරිල්ලා රංග’’ :ඨදරසකක්ඔයැ්එරු* යනුවෙන් හඳුන්වනු ලැබූ බවත් මම පසුව දැනගතිමි. විවෘත වීදි නාට්‍ය කණ්ඩායම කොහේදෝ ඈතක තිබෙන සොඳුරු අන්තයක් කරා යන බස් රථයක් මෙන් විය. එහි රියැදුරාව සිටියේ හත්තොටුවේගම ගුරුතුමා ය. ගමනාරම්භයේ මේ බස් රථයට ගොඩ වූ බොහෝ දෙනෙක් එයින් බැස තම තමන් අපේක්ෂා කරණ විවිධ තැන් සොයා ගියහ. විටින් විට එළෙස හැර ගිය අයගේ තැන් ගැනීමට අලුත් අයද විටින් විට මේ බසයට ගොඩවූහ. ගමනාරම්භයේදී ඊට ගොඩ වූ අය අතුරෙන් අඛණ්ඩව මේ රියැදුරාගේ දුක සැප බැලුවේ එක් මගියෙක් පමණකි. (ඒ දීපානි සිල්වා ය.) එද වරින් වර බසයෙන් බැස ගොස් පුංචි තිරයේ පෙනී සිට නැවත ටැක්සියකින් හඹා ගොස් බස්රථයට ගොඩ වෙමිනි. මගියන්ගේ ස්වභාවය ගැන මේ රියැදුරා පිරිසිඳ දැන සිටියේය. එබැවින්, ඔහු ඒ ගැන කම්පා වූවේද නැත. අවුරුදු 35 කට පෙර බසයට ගොඩ වී රියැදුරු අසුනේ වාඩි වී සුක්කානමට අත ගැසූ ඒ රියැදුරාද දැන් බසයෙන් බැස ගොසිනි. ඔහු නැවත ඊට ගොඩ නොවනු ඇත. එහෙත්, ඔහුගේ බසය ඔහු නැවැත් වූ තැන නවතා තිබේ. එයට ගොඩ වූ මගියෝද එහි සිටිති. බස්රථය සහ ගමනාන්තය ගැන දැන් සිතිය යුත්තේ ඔවුන්ය.


අපේ අය වීදි නාට්‍යවලට එන්නේ වෙනත් මාධ්‍යවලට යන්න බලාගෙන - ඇන්ටන් මිහිඳුකුල

Date:24/01/2010

Source: Silumina


’ධාරණ’ විකල්ප නාට්‍ය කලා එකතුවේ ඇන්ටන් මිහිඳුකුල

ඔබ වීදි නාට්‍ය කලාවට යොමුවීමේ පසුබිම මොකක්ද?

ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලගේ මෙහෙයවීමෙන් 1980 වේදී විතර කටුනායක කම්කරු සෙවණේ වීදි නාට්‍ය වැඩමුළුවක් පැවැත්වුණා. මා ඊට සම්බන්ධ වුණා. ඒ වැඩමුළුවෙන් තමයි මා වීදි නාට්‍ය කලාව හඳුනාගත්තේ.

ඊට පස්සේ 1982 දී නිදහස් වෙළෙඳ කලාපයේ ශ්‍රමිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් මා වීදි නාට්‍යයක් නිර්මාණය කළා. ඒක තමයි අපේ පටන්ගැන්ම. මුලින්ම මෙය නම් කෙරුණේ ‘කම්කරු සෙවණ’ වීදි නාට්‍ය කණ්ඩායම යනුවෙන්.

ඔබ කලක් ධීවර ප්‍රජාව වෙනුවෙන් වීදි නාට්‍ය ව්‍යාපෘතියක් පවත්වගෙන ගියා නේද?

ඔව්. මීගමුව කේන්ද්‍ර කරගෙන මා ධීවර වීදි නාට්‍ය කීපයක් නිර්මාණය කළා. එකක් ජල ප්‍රශ්නය. මීගමුවේ ඇතැම් ප්‍රදේශවල ධීවර ජනතාව හතරවටින්ම මුහුදින් වටවෙලා හිටියත් ඔවුන්ට පානීය ජලය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා.

ඒ ගැන අවධානය යොමු කෙරෙන ආකාරයේ වීදි නාට්‍යයක් මා නිර්මාණය කළා. ඊළඟට මීගමු කළපුව දූෂණය කිරීම පාදක කරගෙන ඊට එරෙහිව වීදි නාට්‍යයක් තැනුවා.

ඔබ නිර්මාණය කළ වීදි නාට්‍ය නාමික වශයෙන් සඳහන් කරන්න පුළුවන්ද?

’සාමයේ අරුනළු’, ‘සත් ගුණවත් මැඩම්’, ‘සාමයේ හොල්මන්’, ‘ගැල්’, ‘මිස්ටර් කසළ’, ‘අපට රජෙක්’, ‘ප්‍රතිමාව‘, ‘නත්තල විකිණීමට ඇත’.

මේ වීදි නාට්‍යවලට පාදක වුණේ මොන මොන තේමා ද?

කම්කරු ප්‍රශ්න, ජාතික සමගිය, කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීම, ළමා අපචාර හා ළමා ශ්‍රමය පිටුදැකීම, මාතෘත්වයට ගරු කිරීම, පරිසර දූෂණය, ඒඩ්ස් වසංගතය පිටුදැකීම, මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව වැනි විවිධ තේමා ඔස්සේ අපි වීදිනාට්‍ය නිර්මාණය කර තිබෙනවා.

වීදි නාට්‍යකරණයේ ඔබේ අභිප්‍රේත අරමුණ මොකක්ද?

කාලීන වශයෙන් වැදගත් වන තේමා ඔස්සේ ප්‍රේක්‍ෂකයන් වෙත අර්ථවත් පණිවුඩයක් ගෙනයෑම සහ ප්‍රඥාවන්ත සමාජයක් ගොඩ නැංවීම තමයි අපේ මූලික අරමුණ. සුනාමිය පසුබිම් කරගෙන අපි මාතර පොල්හේනේ සුබසාධන මධ්‍යස්ථාන කීපයක වීදි නාට්‍ය කීපයක් රංගගත කළා.

ඒක අපිට අලුත් අත්දැකීමක් වුණා. සුනාමිය නිසා මානසික ආතතියට පත් ජන කොටස්වලට ආධ්‍යාත්මික සුවයක් ඇතිකරවන්ට එයින් අපිට පුළුවන් වුණා. ආධ්‍යාත්මික සංවර්ධනයත් අපේ වීදි නාට්‍යවල වැදගත්කොට සලකන කරුණක්.

අපි සාමාන්‍යයෙන් වීදිනාට්‍ය දැක්මක් හෝ වැඩමුළුවක් පටන් ගන්නේ භාවනාවකින්. සමහරවිට මෛත්‍රි භාවනාවෙන්.

ඔබ උතුරු නැගෙනහිර දෙමළ ජන කොටස් වෙනුවෙන් ද වීදි නාට්‍ය කීපයක් නිර්මාණය කළා.

ඔව්. අපි යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, සමන්තුරේ වැනි තැන්වල වීදි නාට්‍ය පෙන්නුවා. යාපනයේ විතරක් දර්ශන වාර 8 ක් පෙන්නුවා.

නල්ලුර් කෝවිල ළඟත් තින්නවේලි සති පොළෙත් පෙන්වූ වීදි නාට්‍යවලට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. අපේ වීදි නාට්‍ය දෙමළ භාෂාවෙන් ද රංගගත කර තිබෙනවා. ඒවා දෙමළ බසට නැංවූයේ මොහාන් සුබ්‍රමනියම්.

වීදි නාට්‍ය රංගගත කිරීමේදී ඔබ මුහුණ දුන් අත්දැකීම් මොනවාද?

විවිධ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇතැම් අවස්ථාවලදි පොලිසිය අපේ වීදි නාට්‍ය තහනම් කළා. හැටන් නගරයේදි අපි ‘වධ හිංසනය පිටු දකිමු’ යන මාතෘකාව යටතේ එම ප්‍රදේශයේ දෙමළ වීදි නාට්‍යකරුවන් ද සහභාගි කරගෙන දින 10 ක් තිස්සේ පැවැත්වීමට අදහස් කළ වීදිනාට්‍ය පස්වැනි දිනයේදී හැටන් පොලිසිය විසින් තහනම් කරනු ලැබුවා. ඔවුන් කියා සිටියේ අපේ වීදි නාට්‍ය ආණ්ඩු විරෝධි හා හමුදා විරෝධී බවයි.

කලාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න නිසා වීදි නාට්‍ය කලාකෘති ගණයෙහිලා සලකන්න විචාරකයන් පුරුදු වී නැහැ. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

වීදි නාට්‍යවල බොහෝවිට තිබෙන්නේ සිද්ධි මාලාවක්. නැතිනම් ප්‍රේක්‍ෂකයන් වීදි නාට්‍යවලට රැඳෙන්නේ නැහැ. වීදි නාට්‍යවලින් ගැඹුරු, සංකීර්ණ චරිත නිරූපණයක් ඉදිරිපත් කරන්න අමාරුයි. එහි යම් යම් සීමා පවතිනවා.

සමහර වීදි නාට්‍යවලට ස්ථාවර පිටපත් නැහැ. එහෙම ස්ථාවර පිටපත් තිබුණත් ඒ ඒ අවස්ථා අනුව එය වෙනස් වෙනවා. විශේෂයෙන් දෙබස් කාලයට අනුරූපීව වෙනස් වෙනවා.

වීදි නාට්‍යවලට අමතරව ඔබ වෙනත් නාට්‍ය නිෂ්පාදනය කර තිබෙනවාද?

මම වේදිකා නාට්‍ය - ළමා නාට්‍ය හා කෙටි නාට්‍ය කීපයක් නිෂ්පාදනය කර තිබෙනවා. ‘අසුන්ගතව‘ ‘ඇබෑර්තු නැත’ ‘එරොප්පේ සල්පිල’, ‘ධාරණ රංග‘, ‘අබිං’ මා නිෂ්පාදනය කළ නාට්‍ය. ‘වටුරැලේ කතාව‘, ‘සෙල්ලම්, ලෙල්ලම්’ මා නිෂ්පාදනය කළ ළමා නාට්‍ය දෙකක්.

එසේම ‘අබිං’ හා ‘ධාරණ රංග‘ වැනි නාට්‍ය, වේදිකාවේත් වීදිවලත් රංගගත කළා. ‘සාමයේ හොල්මන්’, ‘ප්‍රේමයේ මළගම’ මා නිපැයූ කෙටි නාට්‍ය. ඒ හැරුණුකොට අපි වාර්තා රංග ද ඉදිරිපත් කර තිබෙනවා. මයිකල් රුද්‍රිගු පියතුමා ගැනත් ලක්දාස් ද මැල් රදගුරුතුමා ගැනත් වාර්තා රංග දෙකක් අපි නිර්මාණය කළා.

වීදි නාට්‍යවලින් සම්මත වේදිකාවටත් එයින් සිනමාවට හා ටෙලිනාට්‍යවලටත් ප්‍රතිභාසම්පන්න නළුනිළියන් පිරිසක් බිහිවෙලා තිබෙනවා.

ඔව්. වීදි නාට්‍ය ඉතිහාසයේදී ඒක සිදුවෙලා තිබෙනවා. නමුත් අද හුඟක් අය වීදි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ එය වෙනත් මාධ්‍යයකට යෑමේ ඉණිමඟක් කරගන්නයි. වීදි නාට්‍ය කියන්නේ වෙනමම කලාවක්.

එහි ශිල්පීන් ඒක ඇතුළෙම ජීවත් වෙන්න ඕනැ. අපේ නළු නිළියන් වීදි නාට්‍යවලින් ආවා කිව්වට ඔවුන් එහි දිගටම රැඳෙන්නේ නැහැ. මොකද ඒ කැපවීම ඔවුන්ට නැහැ. ඉන්දියාවේ නම් නන්දිතා දාස් වැනි නිළියක් චිත්‍රපටවලත් රඟපානවා. තවදුරටත් වීදි නාට්‍යවලත් රඟපානවා.

වීදි නාට්‍යකරණය සම්බන්ධයෙන් ඔබට විදේශීය අත්දැකීම් තිබෙනවා නේද?

අවස්ථා තුනකදි මම ඉන්දියාවටත් නේපාලයටත් ගිහින් වීදි නාට්‍යකරණයට සම්බන්ධ වෙලා තියෙනවා. 1993 දි මම ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ වීදි නාට්‍ය උළෙලකට සම්බන්ධ වුණා.

ඊළඟ අවුරුද්දෙදි නේපාලයේ කත්මණ්ඩු නුවර දකුණු ආසියාතික වීදි නාට්‍ය උළෙලකට සහභාගී වුණා. 1995 දි නවදිල්ලි නුවර දකුණු ආසියාතික ජනනාට්‍ය පිළිබඳ වැඩමුළුවකට සම්බන්ධ වුණා.

ඔබ මේ දිනවල නියැළි සිටින ආචාර්ය ගාමිණි හත්තොටුවේගම උපහාර වීදි නාට්‍ය කණ්ඩායම ගොඩනැංවීම සම්බන්ධයෙන් අවසන් වශයෙන් යමක් සඳහන් කරන්න?

අද හතු පිපෙන්නාක් මෙන් වීදි නාට්‍ය කණ්ඩායම් බිහි වෙනවා. විය යුත්තේ සැබෑ ආධ්‍යාත්මික ශක්තියකින් යුතු ප්‍රබල වීදි නාට්‍ය කණ්ඩායමක් ගොඩ නැංවීමයි. අප මුලපුරා ඇත්තේ එයටයි.

එයට ඕනෑම කෙනකුට සහභාගිවන්ට පුළුවන්. ධාරණ වීදි නාට්‍ය කණ්ඩායම 4/2, විජය පාර, තුන්වැනි කුරණ, මීගමුව යන ලිපිනයෙන් ඔවුන්ට අප හා එක්විය හැකියි.

නාට්‍යයක් කල නිසා මාව ඉස්කෝලෙන් පැන්නුවා - නීතිඥ ඩග්ලස් සිරිවර්ධන

Author: රවි රත්නවේල්

Date: 27/08/2007

Source: Sarasaviya
ඡායා - මාලන් කරුණාරත්න

ටවර් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල්

නීතිඥ ඩග්ලස් සිරිවර්ධන

ඔබ නිර්මාණකරුවෙකු වුණේ කොහොමද කියන තැනින් පටන් ගත්තොත් ?

මාව නිර්මාණකරුවෙකු කළ මගේ මුල් ගුරුතුමිය වුණේ මගේ අම්ම ය කියන එකයි මගේ පිළිගැනීම. මම එහෙම කියන්නෙ වතු පාලකයෙක් වුණ අපේ තාත්තා රාජකාරියට බරවුණු තරමක් සැරපරුෂ කෙනෙක්. මේ නිසා අපේ ජීවිත කාලයෙන් වැඩි හරිය ගෙවුණේ අම්මත් එක්කයි.

සිරිපා අඩවිය ආශි‍්‍රත ගැමි කාන්තාවක් වුණු අපේ අම්මා පුදුමාකාර කතාන්දර, කවි ප්‍රමාණයක් දැනගෙන හිටියා වගේම ඒවා රසවත් විදිහට අපට කියා දුන්නා.

පුංචි සන්දියේ අපිට පොල්පිති කඩුව, කොස් කොළ තෝප්පිය හදලා දීලා රඟන්න, ගයන්න ඉඩ දීලා එවා බලලා රසවිඳින, අපිව අගය කරන පුරුද්දක් අම්මාට තිබුණා. එනිසා අපේ රසිකයා, විචාරකයා විතරක් නෙවෙයි නිර්මාණ අධ්‍යක්‍ෂවරයා වුණෙත් අපේ අම්මා. අම්මගේ සාරි මාල, වළලු, මලු මේවා තමයි එදා අපි ගෙදර වේදිකාවේ පාවිච්චි කරපු දේවල්. ඒ නිසා අම්මා තමයි මේ ගමනට මුල පිරුවේ.

එතකොට ඔබේ පාසල ?

මම මුලින්ම ගියේ ඉංගිරිය සුමනජෝති විද්‍යාලයට. ඒකේ අපේ ගුරුතුමිය මුතු ඇටේ හිරවේච්චි කුමාරිගේ කතාවේ මාව කුමාරිය කළා මට මතකයි. මේකෙන් අපේ පොඩි හිත්වලට රඟපෑම ගැන ආසාවක් ඇති වුණා.

ඊළඟට හොරණ විද්‍යාරත්න පාසලේ ඉගෙන ගන්න ගියාහම චන්ද්‍රරත්න දසනායක කියන ගුරුතුමා අපිව නාට්‍ය බලන්න පෙළඹෙව්වා. එතෙන්දි ආඩි ටිකයි අම්බලමයි වගේ නාට්‍ය අපට බලන්න ලැබුණා. එතකොට හේමසිරි ලියනගේ වගේ අය නාට්‍ය කළා. ඕවයෙනුත් අපට යම් පෙළඹීවීමක් ඇති වුණා.

මගේ සමකාලීනයන් වුණු ධර්මසිරි බණ්ඩාරනායක, ලාල් කුලරත්න, වගේ අයත් නාට්‍ය කළා. අපේ කාලෙ ඉස්කෝලේ ඇරුණම ගෙදර දුවන ක්‍රමයක් තිබුණෙ නෑ. ඉස්කෝලෙන් පස්සේ අඳුර වැටෙනකම් අපි නාට්‍ය කරනවා, සෙල්ලම් කරනවා. රෑ බෝවෙලා තමයි ගෙදර යන්නෙ.

ඒ කියන්නෙ පාසල තමයි ඔබව නාට්‍යකරුවෙක් කළේ ?

ඒකට මම මෙහෙම කියන්නම්, මොකද ඔව් කියන්ඩත් බෑ, නෑ කියන්ඩත් බෑ. ඒ මොකෝ ධර්මසිරියි මමයි ඉස්කෝලෙ නාට්‍ය පෙන්නුවයි කියලා අපිව ඉස්කෝලෙනුත් අයිං කළා.

නාට්‍යයක් පෙන්නුවට ඉස්කෝලෙන් අයිං කළා ?

ඔව්, මෙහෙමයි ඒක වුණේ. අපි දෙන්නා එකතු වෙලා දසයා හා ලෙංචිනා නාට්‍ය හදලා ඒක ඉස්කෝලෙ පෙන්නුවා. නාට්‍ය පෙන්න පෙන්න ඉන්න කොට එකපාරට ගුරුවරු ඇවිල්ලා නාට්‍ය නවත්තන්ඩ කියලා අපිව එළියට දැම්මා.

ඉස්කෝලෙට ඇතුල්වෙන එකත් තහනම් කෙරුවා. ආදි ශිෂ්‍යභාවය පවා පිළිගන්නෙ නෑ කියලයි එ වෙලාවෙ අපට කිව්වෙ. එදා අපට දැනුනෙ ගෙදරින් දොට්ට දැම්මා වගේ දුකක්.

ඒ වගේ සිද්ධියක් ඇති වුණේ ඇයි ?

අපේ නාට්‍ය වැඩේට ගුරුවරුන්ගෙන් කොටසක් විරුද්ධ වුණා. ඒ අය අපට සහය දුන්නේ නෑ. මේ ගැන අපි ටිකක් තදින් ගුරුවරුන්ව විවේචනය කරන තැනකට ගියා. මට අද හිතෙනවා එදා ඒ ගුරුවරු අපිව ශිෂ්‍යයන් හැටියට තේරුම් නොගත්තු නිසයි ඒ වගේ දෙයක් වුණේ කියලා .

මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් තමන් කරපු වැඩේ අතෑරලා දාන්ඩයි බලකරන්නෙ. ඔබට ඒක බලපෑවෙ කොහොමද?

අපිට එකේ අනිත් පැත්ත සිද්ධ වුණේ. ඒ කියන්නෙ ඒක අපේ හොඳටයි හේතු වුණේ. අපිට පාසලේ දී පෙන්නන්න නොදීපු නාට්‍ය අපි තවත් හොඳට හදලා ශි‍්‍රපාලි අරුන්දතියේ පෙන්නුවා.

අපට හිතාගන්න බැරිතරම් හොඳ ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ අවට පාසල් ගණනාවක ළමයින් නාට්‍ය බලන්න ආවා. පාලනය කරගන්න බැරි තරම් පිරිසක් නාට්‍ය වටා එකතු වුණා.

මේක අපට ලොකු හයියක් වුණ හින්දා අපි දිගටම නාට්‍යයත් එක්ක හිටියා. අද අපි මේ ක්‍ෂේත්‍රයේ යම් තැනක ඉන්නව නම් එකට එදා ඒ ඇද වැටුණු වෙලාවෙ නැවත නැගී හිටිය එක තමයි හේතු වුණේ.

එතකොට ඉස්කොලෙත් එක්ක ගනුදෙනුවට මොකද වුණේ?

මගේ නාට්‍යය රාජ්‍ය සම්මාන දිනුවම මගේ ඒ ඉස්කෝලෙම මාව අගය කළා.මමත් ඒ සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගත්තා. ඒ තමයි කිසිම දවසක කිසිම හේතුවකට ගුරුවරුන්ගේ හිත රිදවන්න හොඳ නෑ කියන එක.

එතකොට ඔබ හිට්ලර් වගේ නාට්‍යයක් කරන්න පෙළඹුණේ කොහොමද?

අසුව දශකයේ මුල් භාගයේ මට ඉවෙන් වගේ දැනුණා විශාල භීෂණයක් ඇතිවෙයි කියලා. ඇති වෙමින් තිබුණ සමාජ, දේශපාලන සිද්ධීන් එක්කයි මට ඒ අවබෝධය ඇති වුණේ.

ඒනිසා භීෂණයට, ඒකාධිපතිකමට එරෙහිව හිට්ලර්ගේ චරිතයත් විශාල වශයෙන් අධ්‍යනය කරලා ඒ නාට්‍ය කරන්න පෙළඹුණා. අතිශය තාත්වික වාර්තාමය වෘත්තාන්තයක් හැටියට එය නිර්මාණය කළා.

ඒ කාලෙ ලැබුණු ප්‍රතිචාර කොහොමද?

සමූහ මිනී වළවල්, වධ හිංසා, අති අමානුෂික ඝාතන වගේ ඒ නාට්‍යයෙන් නිරූපණය කරපු දේවල් වැඩි කල් නොගොස් අපේ රටේ මිනිස්සු අත්දැකීමෙන් වින්දා. ඒකෙ ප්‍රතිඵලය වුණේ 83 දී හිට්ලර් බලලා හූල්ලපු ප්‍රේක්‍ෂකයා, 89 දී ඒ දර්ශවලට හිනාවෙන්න ගත්තා. සමාජය ඒ තරමටම අව සංවේදී වුණා.

ඔබගේ මුල්කාලීන නාට්‍යවලට ඉහළම ප්‍රතිචාර ලැබී තිබියදීත් අලුත් නාට්‍ය නොකරන්නේ ඇයි?

දැනට මම අලුත් නාට්‍යයක් ප්‍රේක්‍ෂකයන් අතරට ගෙනාවෙ නැති වුණාට ලංකාවේ වෙනත් කිසිම නාට්‍යකරුවෙක් නොකරන තරමට මම සජීවීවම නාට්‍ය කලාවත් එක්ක වැඩ කරගෙන යනවා.

83 සිට අද දක්වාම විවිධාකාර නාට්‍ය වැඩමුළු, පාඨමාලා සංවිධානය කරමින් විශාල නවකයන් පිරිසක් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ කරන්න මම මුල්වෙලා තියෙනවා.

නම් වශයෙන් කිව්වොත් ජයලාල් රෝහණ, ප්‍රසාද් සූරියආරච්චි, අශෝක හඳගම, නිල්මිණි බුවනෙක, අජිත් ලොකුගේ, උදේනි අල්විස්, ෂර්ලි දෙලංකාවල, මැල්කම් මචාඩෝ, බුද්ධක දමයන්ත, ධනංජය කරුණාරත්න, ප්‍රසන්න ජයකොඩි ඇතුළු තවත් විශාල පිරිසක් ගැන කියන්න පුළුවන්.

මම නාට්‍යයක් නොකළාට මේ වගේ දක්‍ෂ පිරිසක් බිහි කරන්න දායකවීමෙන් මම විශාල සතුටක් ලබනවා. එක චවනයෙන් කියන්න බැරි තරම් ලොකු සතුටක්.

නැවත අලුත් නාට්‍යයක් වේදිකාවට ගෙන එන්න අදහසක් නැද්ද?

මගේ නාට්‍යයක් ඉදිරියේදී වේදිකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ ‘ගොදුරු’ නමින් 2007 ඊජිප්තුවේ කයිරෝ නගරයේ නාට්‍ය උළෙල වෙනුවෙනුයි ඒ නාට්‍ය මුලින්ම කළේ.

අපේ රටේ පැසිස්ට් ත්‍රස්තවාදයේ කුරිරු බව කැබිතිගොල්ලෑවේ බෝම්බ ප්‍රහාරය, හමුදාපති ඝාතන තැත වගේ සිද්ධි පදනම් කරගෙනයි මේ නාට්‍ය නිර්මාණය කෙරෙන්නෙ. මම හිතනවා ගොදුරු අපේ රටේ වේදිකාවේ කඩඉම් පුළුල් කරන නාට්‍යයක් වේවි කියලා.

ඔබ රාජ්‍ය සම්මාන දිනලත් තියෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලෙන් අයින් වෙලත් තියෙනවා, නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති වෙලත් තියෙනවා. ඔබ රාජ්‍ය නාට්‍ය උළෙල ගැන බලන්නෙ කොහොමද?

ඊජිප්තු, ඉන්දීය හා කේරළ නාට්‍ය තරග නැත්නම් උළෙල ගැන මට තියෙන අත්දැකීම් එක්ක මේ ගැන කතා කළොත් එතෙන්දි ජයග්‍රහණවලට වඩා නාට්‍යවලට ලැබෙන ඇගයීම් වලටයි මුල් තැන ලැබෙන්නෙ.

මුදලක්, තිළිණයක් ලැබුණාට ඒ ගැන ඒ තරම් තැකීමක් ඒ අයගෙ නෑ නමුත් අද අපේ සමහරු නාට්‍ය කලාව වෙනුවෙන් නාට්‍ය කරනවට වඩා ප්‍රචාරයටයි යොමු වෙන්නෙ.

ඊළඟට අපේ රටේ නාට්‍ය තරගත් එක්ක මේ විදිහට මරා ගන්නෙ මුදල් ත්‍යාග නිසා කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම අපේ රටේ දී නාට්‍යයේ ගුණාත්මකභාවය ගැන ඇගයීමක් නෙවෙයි සිද්ධ වෙන්නෙ. සමහර නාට්‍ය කරුවන්ට සම්මාන ලැබුණෙ නෑ කියලා මට බැන වැදුණු අවස්ථාත් තියෙනවා. ජෝන් ද සිල්වා වගේ අවිධිමත් නාට්‍ය ශාලාවක

පිට ශබ්ද ඇහෙනවය කියලා මගේ ඇඟට කඩා පැන්න නාට්‍යකරුවොත් ඉන්නවා. මගේ අත්දැකීම නම් බොහෝ අවස්ථාවල නාට්‍ය කරුවන්ට වැදගත් වූණේ නාට්‍යකලාවට වඩා ලැබෙන මුදල හා වරප්‍රසාද කියන එකයි.

රාජ්‍ය නාට්‍ය උළෙලක් නාට්‍යකට බලපාන්නෙ කොහොමද?

යම් ඇගැයීමක් එතෙනදී වෙනවා නම් ඒක රසිකයන්ට ඒ නාට්‍ය නරඹන්න පෙළඹවීමක් වෙනවා. නමුත් 1976 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයේ දී මම මගේ නාට්‍ය අයින් කර ගත්තේ එදත් මම කියපු මේ කාලගෝට්ටියම තිබුණු නිසයි. මගේ ‘අඹු සැමියෝ’ ඒ කාලෙ ජනපි‍්‍රයම නාට්‍යයක්. නමුත් ඒකට කුසලතා සහතිකයක්වත් ලැබුණෙ නෑ.

ඒත් ජනතාව අතරට ඒ නාට්‍ය අරන් යන්ඩ මට පුළුවන් වුණා වගේම අදටත් මම නාට්‍ය කරුවෙක් හැටියට ඉන්නව විතරක් නෙවෙයි, ඒ නාට්‍ය අනුමණ්ඩලේම සභාපතිත් වුණා. ඒ නිසා රාජ්‍ය නාට්‍ය උළෙල මත තමන්ගෙ නාට්‍යයේ ඉරණම තීන්දු කරන්ඩවත්, ඒ මත්තෙ අනවශ්‍ය ගැටුම් ඇතිකර ගන්ඩවත් අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නෙ.

රාජ්‍ය නාට්‍ය උළෙලකින් වෙන්න ඕන මොකක්ද?

ගම, නගරය, රට කියන මේ ක්‍ෂේත්‍ර තුනේම නාට්‍ය කලාව ගැන ප්‍රබෝධයක් ඇති කරන්ඩ රාජ්‍ය හරි ජාතික හරි නාට්‍ය උළෙලකට පුළුවන් වෙන්න ඕන. නමුත් අපට තියෙන බලතල හා ප්‍රතිපාදන නැති, නාට්‍ය අනුමණ්ඩලය වගේ ස්වේච්ඡා ආයතනයකට මේක කරන්ඩ පුළුවන්කමක් නෑ.

ඒ වෙනුවට අපිට ජව සම්පන්න ජාතික නාට්‍ය මධ්‍යස්ථානයකුයි අවශ්‍ය වෙන්නෙ. ජාතික චිත්‍රපට සංස්ථාව වගේ ආයතනයක්. අපට අද අවශ්‍ය නාට්‍ය ක්‍ෂේත්‍රයම ඒකාබද්ධ කරන ඒ වෙනුවෙන් වැඩ කරන වැඩ පිළිවෙළක්. අපේ රටේ නාට්‍යකරුවන් නාට්‍ය උළෙල ගැනයි විනිශ්චය ගැනයි කතා කරනවා මිසක් මේ වගේ ප්‍රයෝගික දෙයක් ගැන කතා කරන්නේ නෑනෙ.

මගේ අදහස නම් නාට්‍ය අනුමණ්ඩලය කියන්නෙ අම්මා නැති දරුවට කිරි දෙන කිරි අම්මා වගෙයි කියන එකයි. නාට්‍ය කියන දරුවා රැක බලාගන්න නම් නාට්‍ය අනුමණ්ඩල වගේ කිරි අම්මලා නෙවෙයි ජාතික නාට්‍ය මධ්‍යස්ථානයක් වගේ දරුවගේ නියම අම්මයි ඕන කරන්නෙ.

ඔබ නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති හැටියට සිටියදීත් මේ වගේ සංකල්ප ඉදිරිපත් කළා. ඒත් බොහෝමයක් ඒවා යථාර්ථයක් වෙලා නෑ නේ ද?

මෙහෙමයි ඒවා යථාර්ථයක් නොවුණා නම් ඒක මගේ වරදක් නිසා වුණ දෙයක් නෙවෙයි.එදා නාට්‍ය මණ්ඩලයේ ඉඳලා අද ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ කියන තැනට ආවහම මට දැනෙනවා ඔය සංකල්ප යථාර්ථයක් කරගන්න පුළුවන්කම අද අපට තියෙනවා කියලා.

අපේ විශිෂ්ට නාට්‍ය ඉංගි‍්‍රසියට පරිවර්තනය කිරීම, ගුණාත්මක නාට්‍ය පාඨමාලා, ඉන්දීය ජාතික නාට්‍ය පාසල සමඟ නව සබඳතා ගොඩ නඟා ගැනීම, වැඩිහිටි කලාකරුවන්ට ආර්ථික හා සෞඛ්‍ය රැකවරණ ලබාදීම, සහනදායි මිලකට රඟහල්, ශබ්දාගාර ආදිය ශිල්පීන්ට ලබාදීම ඇතුළු බොහොමයක් දේවල් අද අපට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව භාරකාර මණ්ඩලයෙත්, විෂය භාර අමාත්‍යවරුන්, අගමැතිතුමන් හා ජනාධිපතිතුමන් ගේ මඟ පෙන්වීම හා ආධාර උපකාර ඇතුව යථාර්ථයක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. තවදුරටත් සිදු කළ යුතු අත්‍යවශ්‍ය කටයුතු සොයා බලා ඉදිරියේ දී කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

පුංචි තියටරයේ ලොකු හදවත - නාමෙල් වීරමුනි

Author: පරාක්‍රම කොඩිතුවක්‌කු
Date:18/10/2009
Source: Divaina



නාමෙල් වීරමුනි එංගලන්තයෙන් ලංකාවට පැමිණ තමා නිවසන සමාජයට තමාට කළ හැකි සත්කාරය කුමක්‌දැයි කල්පනා කළේය. වීරමුනි යුවල දුරු රටකදී සීත කමින් වේදනාකර ශ්‍රමයකින් උපයා ගත් ධනය වැය කොට කොළඹ ඉදි කළ "පුංචි තියටරය" හා සමාන වෙනත් ආදර්ශයක්‌ වත්මනෙහි නැති බව මෙහි සටහන් කරන්නේ අද ඒ ලොකු හදවතක්‌ ඇති මහත්මා යුවල ගේ පුංචි තියටරයට සත් වසක්‌ සපිරෙන අවස්‌ථාවෙහි දීය. ඉකුත් කාලය තුළ මෙම පුංචි කලා නිවහනේ සාහිත්‍ය කතිකා, දෙසුම්, අලුත් පොත් දියත් කිරීම්, නාටක සිනමා චිත්‍ර ප්‍රදර්ශනයන්, අනේකාකාර රස වින්දන වැඩසටහන් පැවැත්වුණේය. එම වැඩවලට දුක්‌ වෙහෙස විඳි වීරමුනි යුවලට ඒ සියල්ල තම ගෙදර තමාගේම ජීවිතයේ උත්සව හා සමාන විය. එබැවින් පුංචි තියටරය ඔවුන් ඉදිකළ මේ සිහිනය පුංචි සංස්‌කෘතික දෙපාර්තමේන්තුවක්‌ වී ඇති බව කොළඹ කලාකාර සමාජයට නම් ප්‍රත්‍යක්‍ෂ අත්දැකීමකි. සතුටු සැනසිල්ලකි.

එළඹෙන සතිය පුරාම පුංචි තියටරයේ නාට්‍ය දර්ශන මාලාවක්‌ පැවැත්වෙන අතර සෙනසුරාදා (17) දිනයෙහි සංවාදයට අභිමුඛ වන්නට නියමිත වැදගත් විෂය කේන්ද්‍රයක්‌ ඇති බව සැලයි. මේ සුළුවෙන් ඉටු කරන්නේ ඒ ගැන අපගේ අදහස්‌ දැක්‌වීමට නාමෙල් සබඳුන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයකි. නාමෙල් ඇඳ ඇති තේමාව මෙයයි.

නාට්‍ය බලන්නේ ඇයි?

නාට්‍ය නොබලන්නේ ඇයි?

අන් හැම කලාංගයක්‌ මෙන්ම නාටකය ද මිනිසා විසින් මිනිසා උදෙසා සම්පූර්ණ කරනු ලබන සෞන්දර්යාත්මක අවශ්‍යතාවකි. ආදි කල්පිත ගෝත්‍රික ජනයා ද කඳු පර්වත පාට කළේ. වන මැද්දේ දවස්‌ ගණන් දුවමින් ඝෝෂා පැවැත්වූයේ එබැවිනි. නාටකයද සිනමාවකට සහභාගී වීම හා සමාන ඇසි-දිසි අත්දැකීමක්‌ වෙයි. නාට්‍ය කලාවට ආගමික ඉතිහාසයක්‌ ඇත්තේ එය මුල සිටම සත්‍යාන්වේක්‌ෂණය හා සම්බන්ධ කලා මාර්ගයක්‌ වන නිසාය.

නවීනයා ප්‍රබල කලා කෘතියකට සහභාගී වන්නේ එය ජීවිතයට ජීවිතය පුරවා දෙන බැවින්ය. නාට්‍යකාරයාගේ නිර්මාණ ප්‍රීතිය ප්‍රේක්‌ෂකයාගේ වින්දනාස්‌වාදය බවට පත් වෙයි. නාටකයක්‌ බලන්නට යන්නේ එය ලබාදෙන මෙම ජීවන අත්දැකීම අපේක්‍ෂාවෙනි. එය අන්විදිහකින් ලැබිය නොහැක්‌කකි. ප්‍රේක්‍ෂකයාට එය වේදිකාවෙන් සාධනය කරගත නොහැක්‌කේ නම් ඔහු නාට්‍ය බලන්නට යන්නේ කුමකටද ප්‍රේක්‍ෂාගාරය ශූන්‍ය වන්නේ නාට්‍ය වේදිකාව අසාර තැනක්‌ වූ විටය.

20 වැනි සියවසේ දෙවැනි භාගයෙන් පසු උදාවූ අපේ නූතන කලාවේ නව යුගය සමග සාහිත්‍ය හා නාටකය - සිනමාව චිත්‍රය ආදී කලාංගයන් ආලෝක සමයක්‌ පසු කොට අවුත් අද බෙලහීනත්වයකට ඇද වැටී ඇත්තේ කුමක්‌ නිසාද? ගුණදාස අමරසේකර දී ඇති සරල නිරාකුළ පිළිතුර පිටුදැකිය නොහැක්‌කකි. මේ රටේ ජනයාගේ දිවි පුවත යථාර්ථය පිළිබිඹු නොකරන විට, ඒ සමාජාත්මය ස්‌පර්ශ නොකරන විට ඒ කලාව ලේ සිඳී අඩපණ වෙයි. එදා එකිනෙකට වෙනස්‌ නාට්‍ය සම්ප්‍රදායයන් දෙකක්‌ ඔස්‌සේ බිහි වූ සරච්චන්ද්‍රගේ නාට්‍ය හා සුගතපාල ද සිල්වාගේ නාට්‍ය වේදිකා දෙකම අබිමුව මෙරට සමාජයේ විවිධ ශ්‍රේණිවලට අයත් රසික සමූහයා පෙළගැසී සිටියහ. සුගත්ගේ "දුන්න" සමාජයේ දසනුදසට ගමන් කළේය. මන්ද? එය 70 දශකයේ සමාජ වේදනාව හා ප්‍රාර්ථනය කියා පාන්නක්‌ වීමය. එය එම සමාජයේ කම්පන ධාරාවෙන් විදුලිසර වැදුණු නාටකයක්‌ විය.

වර්ජනය පාවා නොදෙන කම්කරු නායකයාගේ බිළිඳු පුතු බෙහෙත් නැතිව මව් දෑතෙහි අවසන් හුස්‌ම හෙළන විට ඇය වේදිකාව ඉදිරියට පැමිණ දණ ගසාගෙන... රිදී එරන් පුත කවිය ගයද්දී රසිකයෝ කඳුළු වගුළහ. කලවානේ ගැමි පාසලක දරුවන් පැමිණ ඉඩ නොලැබ වේදිකාව ඉදිරියේ බිම හිඳගෙන ඇස්‌ අයා ගෙන එය නැරඹූ සැටි අද මට මතක්‌ වෙයි. ආර්. ආර්. ගේ "කැළණි පාලම" මෙන්ම හෙන්රි ජයසේනගේ "හුණුවටයේ කතාවත්" පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්‌කුව රසිකයන්ට අපේ නාට්‍ය" විය. ඒ ඒවා ජීවිතය ජීවිතයටත් වඩා විශාල ලෙස පෙන්වා දුන් නිසාය.

සරච්චන්ද්‍ර ජාතක කතාවෙන් පුරාණෝක්‌ති ඇසුරින් උපදවා ගත් නාටක පෙළ ජන සහභාගිත්වය දිනීමේ රහස්‍ය කාරකය වන්නේ ඒවා අපගේ පාරම්පරික ඥාන දර්ශනයෙන් ආගම දහමින් ඉතිහාසයෙන් හා සම්ප්‍රදාය මාර්ගයෙන් නිපන් නිසාය. දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා ගජමන් පුවත තුළ වූයේ ද ඒ සමාජ සාරය හා ජීවිත සාරයයි.

එදා ගැටවරයෝ පොඩිපුතා "සැනසුම කොතැනද" සිරිපාල හා රන් මැණිකා ආදී චිත්‍රපටවලට පෙම් බැන්දේ සමාජයේ පහළ තට්‌ටුවල ජන කොටස්‌ය. තරුණ වියෙහි දී දුටු ඒ ප්‍රේක්‍ෂාගාරය මට ප්‍රත්‍යක්‌ෂයකි. ඒ සුළු මිනිස්‌සු එම චිත්‍රපටවල තම ජීවිතය දුටහ වින්දහ.

විදග්ධ මෙන්ම ජන කාන්ත ලක්‍ෂණද සහිත කෘතිය මහාර්ඝ නිර්මාණයක මුහුණුවරකි. සැමුවෙල් ජොන්සන්, ශේක්‌ස්‌පියර්ගේ නාට්‍ය ප්‍රේක්‌ෂාගාරය ගැන කරන විමර්ශනයකදී පවසා ඇත්තේ එය නීතිවේදීන් ප්‍රභූන් වියතුන් සාහිත්‍ය ධරයන්ගෙන් මෙන්ම පදිකයෙහි බඩු විකුණන සුළු වෙළෙන්දන් තරුණයන් ලිපිකරුවන් ආදී බහුජන ශ්‍රේණිවලින් ද සමන්විත වූ බවය. එහෙත් අපගේ නුතන නාට්‍යාගාර සිනමා ශාලා ශූන්‍යාගාර වීමට මුඛ්‍ය හේතුව වන්නේ නවීනත්වයකින් පෙනී සිටින බොහෝ නිර්මාණ සමාජ සාරයෙන් ජීවන සාරයෙන් වියුක්‌ත පරිකල්පිතයන් වීම නිසාය.

මෙරට ජීවන රිද්මය හා නොසැසඳෙන බටහිර කල් ඉකුත්වූ කතා පිටපත් ගිජු ලෙස පැහැර ගෙන කරන නාටක සිනමා සාහිත කෘති "සම්භාව්‍ය" ලේබලය අලවා වැඩම්ව වුවද ඒවාට රසිකයින් පස්‌ස හරවන සැටි ඉකුත් සමයෙහි හොඳින් පෙනී ගියේය. මේ බටහිර කතා රඟ දක්‌වන පරිවර්තන නාටක වේදිකාවෙහි අඩුවකට ඇත්තේ හිම තට්‌ටුවක්‌ පමණකැයි එක්‌ කල්පනාකාරී විචාරකයෙකු පවසා තිබිණි. තමා නිවසක සමාජයේ මූලයන්ගෙන් කෙඳි සහිත නොවන නිර්මාණ සිත, අයාලේ යන බව ඔවුනටම පෙනී යනු ඇත. අපගේ නව සිනමාවේ හා නාට්‍යයේ සංදර්භයන් විමසා බළන්නෙකුට පෙනී යන්නේ ඒවා බටහිර රිතීන්ගෙන් නිදහස්‌ නොවූ ඒවා බවය.

ඉන්දියානු නාට්‍ය හා සිනමාකරුවන් කෙතරම් අදීන චින්තනයක පිහිටියවුන්දැයි පී. අරවින්දන් නමැති නූතන ඉන්දීය නිමැවුම්කරුවාගේ මෙම ප්‍රකාශයෙන් වටහා ගත හැකිය.

........චරිත විවරණය ගැටුම හඳුන්වා දීම මානසික ආතති නිරූපනය හා සංකේත භාවිතය ආදියෙහි ඇති බටහිර රීතිය අපගේ සම්ප්‍රදාය චින්තන ක්‍රමය හා නොපෑහෙයි. මා වෑයම් කරන්නේ ඒ බටහිර රීතියෙන් නිදහස්‌ වීමටයි.

කුරසවා, රායි පවා බටහිර රීතීන්ට හසුවීම පිළිබඳ ඇතැම් විචාරකයන්ගේ විරෝධයට හසුව ඇත. උසස්‌ සාහිත කෘතිය මෙන්ම සිනමාව හා නාට්‍යයද ප්‍රේක්‍ෂකයා හා සබඳතාවක්‌ ගොඩ නගා ගනිමින් නව්‍ය සෙවිල්ලකින් ජීවිතය අලුතින් දකින්නට උණුසුම් කල්පනාවකට පත් කිරීමට සමත් විය යුතුයෑයි අදූර් ගෝපාලක්‍රිෂ්ණන් පවසයි. මෙරට නව නිර්මාණකරුවන් ගෙන් වැඩි දෙනකු ප්‍රධාන සමාජ ධාරාවෙන් විතැන්වී පිටස්‌තරයින් බවට පත්ව සමාජයේ ස්‌ථානගත වීමට නොහැකි වූ තරුණයන් වීම අභාග්‍යයකි.

මධ්‍යම ධාරාවේ ජනප්‍රිය සිනමාව තුළද පර්යේෂණාත්මක නොවන හොඳ චිත්‍රපටයකට අවකාශ ඇති බව අද පිළිගන්නා සත්‍යයකි. අගනුවරින් පිටස්‌තර ජනයා අද දකින්නේ කොළඹ නාට්‍ය නිපැදවෙන බවක්‌ ඒවාට සම්මාන දෙන බවත්ය. එමෙන්ම කවර සමාජ තත්ත්වයන් යටතේ වුවද රසිකයන්ගේ රසඥතාව පිරිහී ඇත්නම් එය පෝෂණය කිරීමේ අභියෝගයද භාරගත යුත්තේ තම කලාවට කැප වූ නිර්මාණකරුවන්මය. වත්මනෙහිදී අපේ කලාංගයන් මුහුණ දී ඇති ප්‍රතිවිරෝධතා පිළිබඳව විහිදෙන සාකච්ඡා සෝදිසි මාදිසි පැවැත්වීමටද නව නිර්මාණ කරුවනට පරිඥානයක්‌ ලබා දීමටද පුංචි තියටරයට ඇති ලොකු හැකියාව දැනටමත් ඔප්පු කොට ඇත. පුංචි තියටරයේ ලොකු හදවතට ඇපේ බැති පෙම් පුද කරමු.

තිස්තුන් වසරක ඒකාධිපති කතාකරයි - ධර්මසිරි බණ්ඩාරනායක

Date: February 22, 2010

Source: www.fmderana.lk

තිස්තුන් වසරක ඒකාධිපති කතාකරයි

(ප්‍රවීණ රංගන ශිල්පියෙකු,නාට්‍යකරුවකු,සිනමාකරුවකු වන ධර්මසිරි බණ්ඩාරනායකගේ"ඒකා අධිපති"නාට්‍යය මේ දිනවල වේදිකා ගතවෙමින් පවතී."ඒකා අධිපති"කේන්ද්‍ර කර ගනිමින් කෙරුණු මෙම කතා බහ පොදුවේ ලාංකීය කලා ක්ෂේත්‍රය මෙන්ම අද්‍යතන ගැටලු හඳුනාගැනීමට දරන උත්සාහයක් දක්වා දිගහැරෙයි.මේ අප ඔහු හා කළ කතා බහයි.)



* 70 දශකයේ"ඒකා අධිපති"බිහිවීම සහ 2010 ට ගැළපීම අපි තේරුම් ගන්නේ කොහොමද?

මේකේ අත්පිටපත මගේ අතින් ලියවෙන්නේ 1975 දී.76 අප්‍රේල් මාසයේදී පුහුණුවීම් පටන්ගත්තා.නොවැම්බර් මාසය වෙනකොට ප්‍රදර්ශනය කරනවා.මේ නාට්‍ය නැවත අවුරුදු 33 ට පස්සේ ආපහු ගේන්න හේතුව මොකක්දැයි බොහෝ දෙනෙක් මගෙන් අහද්දී සමහර විට ඒකට මං දුන්නු උත්තර මටම පැහැදිලි නෑ.සමහර වෙලාවට මගෙන් එහෙම අහන එකමත් නාට්‍යය වර්තමානයට දක්වන සම්බන්ධයට උත්තරයක් කියලයි මට හිතෙන්නේ.

* නාට්‍ය පිටපත ලියවෙන්න බලපාන පසුබිම පිළිබඳ මතක් කළොත්..?

71 කැරැල්ලත් එක හේතුවක්.මං එතකොට උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක්.කැරුල්ල මෙහෙයවපු ජනතා විමුක්ති පෙරමුණට මගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ.ඒත් ඒ කැරැල්ලට මගේ යහළු යෙහෙළියන් බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා.ඔවුන් ගේ ඒ අත්දැකීම් මගෙත් එක්ක බෙදාහදා ගත්තා.ඒ ගොඩක් දෙනෙකුට අත්විඳින්නට සිද්දවුණු කටුක අත්දැකීම් මාව කම්පනයට ලක්කරා.මුළු සමාජයම දැඩි අස්ථාවරභාවයකට තල්ලුවුණා.උසස් පෙළින් පස්සේ විශ්ව විද්‍යාලයට යනවා කියන බලාපොරොත්තු පවා විභාගේ ලියන කාලෙදිම සුන් කර ගන්න සිදුවුණා.මොකද ඒ වෙද්දී විශ්ව විද්‍යාල කියන්නෙම 71 කැරැල්ලට සම්බන්ධ තරුණ තරුණියන් ගාල් කරල තියපු සිරකඳවුරු.මේ තත්ත්වය නිසා මං හොරණ විද්‍යාරත්නයෙන් උසස් පෙළට ලියලා ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මට නාට්‍යය කලාවට තිබුණු ළෙංගතු කමත් එක්කම කොළඹ එන්න සිදුවුණා.මට රස්සාවක් හම්බවුණා.ඒ කාලේ විදිහට සැලකිය යුතු පඩියකුත් හම්බවුණු හින්දා වියදම් ටික පියවාගෙන නාට්‍ය බලන්න ,රස්තියාදු ගහන්න වෙලාවකුත් හම්බවුණා.ඒකේ ප්‍රතිඵලයක් හැටියට හෙන්රි ජයසේනයන්"මකරා"නමින් වේදිකාවට ගෙන ආ යෙව්ගිනි ස්වෝට්ස් ගේ නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබුණා."මකරා"ට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීමම මට"ඒකා අධිපති"කරන්නට අවශ්‍ය වුණු සම්පත් බොහොමයක් ලබා ගන්න හැකිවුණු අවස්ථාවක් වුණා.

* අද"ඒකා අධිපති"ප්‍රේක්ෂාගාරය ගැන යමක් කිවහැකිද?

නරඹන සෑම කෙනෙක්ම වගේ සි‍යුම් ප්‍රශ්නයක් නොපෙනෙන්න අහනවා.ඒ එදා නාට්‍යයට අදට ගැළපෙන ලෙස වෙනස් කළාද කියලා.75 දී මං ලීව මුල්පිටපතේ එක ඉස්පිල්ලක්,පාපිල්ලක් මං වෙනස් කරලා නෑ.සමස්ත සමාජයක් ‍ෆැසිස්ට්වාදී ග්‍රහණයට හසුවුණාට පස්සේ,ඒ සමාජයම එකී පාලන තන්ත්‍රයට අ‍ශිර්වාද කරමින්ම එහි ගොදුරක් බවට පත් වූවාට පසු"ගැලවීම"කියන්නෙම ඊට එහා යන මහා ක්‍රියාදාමයක්.අද දවසේ මගෙන් කවුරු හරි මේක අද ලියවුණු එකක්ද,නැත්නම් අලුත් කෑලි මේකට එකතු කළාද කියල බොහෝ දෙනෙක් අහද්දී ඒක එහෙම වෙන්නේ නාට්‍ය සමාජය තුළ වග විභාග කරමින් තියෙන නිසයි.ඒක සුභ දෙයක්.ඒත් ප්‍රේක්ෂකයා වර්තමාන දේශපාලන වටපිටාවේ ඒ විදිහට ප්‍රශ්න කිරීම කලාකාරයෝ විදිහට අපට අනතුරු දායකයි.

* ඔබ කියන අනතුරුදායක බව ඔබගේ වෙනත් නිර්මාණවලටත් යම් යම් අවස්ථාවල බලපැවැත්වුණා නොවේද..?

ඔව්.1976 දී "ඒකා අධිපති"කියන නම අර්බුදයක් නොවුණට 2010 දී පෝස්ටරය ඇලවෙන තැන ඉඳලම අර්බුදය පටන් ගන්නවා.එක් එක් දේශපාලන න්‍යායපත්‍රයන් ඇතුළේ නාට්‍ය ප්‍රශ්න කිරීමට ලක්වෙනවා. කලාකෘතියක් ඒ විදිහට ප්‍රශ්න කිරීමට ලක්වීම කලාව ඇතුළේ"ප්‍රබල සන්නිවේදනයක්".මෙම අත්දැකීම ම මට ධවලභීෂණ""යක්ෂාගමනය""ට්‍රෝජන් කාන්තාවෝ"නාට්‍යය වලදීත් මුහුණ දෙන්න වෙනවා."ට්‍රෝජන් කාන්තාවෝ"නාට්‍යයේ රඟපෑව අයගේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා.සංගීත ශිල්පියාට තර්ජනය කරලා නිහඬ කෙරෙව්වා.

* වර්තමානයේ නාට්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද..?

නාට්‍ය කලාව කියන්නේ වර්තමානයේ අන්තයටම පිරිහුණු කලාවක්.රාජ්‍ය මට්ටමින් එක එක උදාර වචන,උදාර වැඩපිළිවෙළවල් තිබුණට සැබෑ අර්ථයෙන් ගත්තම නාට්‍ය කලාව තියෙන්නේ ඉතා පහල අඩියකයි.

* ඔබගේ"ඒකා අධිපති"නාට්‍යයේ දෘෂ්ට්ය පිළිබඳ සැලකිල්ල යොමු කළොත් එහි කැරලි නායකයා සමස්ත සමාජයම වෙනස් කරන්නට කැරලිගසා තම බිරිඳගේ පතිවෘතය රැග ගැනීම කියන කාරණය සමාජ අරගලයට වඩා වටින බවට පෙන්වා දෙමින් මරණය කැඳවා ගන්නෙක්.70 දශකයේ දී කොහොම වුණත් 2010 දීත් ඒක යථාර්ථයක්ද..?

ඇත්තටම ඒක එහෙමම තමයි. බොහෝ කැරලිකෝලාහලයන් දිහා බැලුවම හරිම පුද්ගලවාදී ප්‍රවේශයන් තමයි දකින්නට තියෙන්නේ.බොහොම සුළු පුද්ගලික අභිමතාර්ථයන් නිසා තමයි බොහෝ ඒවා පරාජය වුණෙ.ඒකා අධිපති ඇතුළේ වුණත් වීරයෙක් නෑ.වීරයා මැරිලා.ඒත් මං මේ නාට්‍ය ගෙනාවේ විප්ලවීය අදහස් සමාජ ගත කරන්නවත්,මේ කෙන් ලාංකීය විප්ලවය කරන්න උගන්නන්නවත් නෙවෙයි.වීරයා මැරිලා වුණත් ඒ ගෙනියන අරගලකාරී ස්වභාවයක් අතරමං වෙනවා.ඒ අතරමං වන ප්‍රවේශය තුළම ප්‍රේක්ෂකයාට තීරණයක් ගන්න දීලා අපි නාට්‍යය නතරකරනවා.

* නාට්‍යයත් සමග හිනාවෙන ප්‍රෙක්ෂාගාරය එළයට බහින්නේ ඒ හිනාව එතනම තියල කියලයි පෙනෙන්නේ.ලාංකීය ප්‍රෙක්ෂාගාරය "වේදිකාවේ හාස්‍යය"දේශපාලනිකව බාර ගන්නේ යයි ඔබ හිතනවද..?

දැන් දැන් ප්‍රෙක්ෂකයින් ඒ දිහා සවිඥානකව බලනවා කියලයි මට හිතෙන්නේ. අපේ රටවල ‍ෆැසිස්ට්වාදී පාලනයක යම් යම් ඉරියව් හෝ ගතිකයන් දකින්නට තිබුණද එවැනි පාලනයක් මුළුමනින්ම කෙනෙකුට ගොඩනඟා ගැනීමට අපහසුයි.ඒක එක්තර විදිහක ලාංකීය ජන විඥානයේ තියෙන ප්‍රබලත්වයේ ලක්ෂණයක්.යම් සමාජයක් දුර්වල වෙන්න වෙන්න තමයි ඒකාධිපතිත්වයක් බිහිවෙන්නේ.බ්‍රෙක්ට් ගේ අදහස් ඇසුරෙන් කිවහොත් අපේම දුර්වලකම් නිසා තමයි අපට වඩා දුර්වලයෙක් අපිව මර්දනය කරගෙන නැඟිටින්නේ.ලෝකයේ දුබලයෙක් මිස ප්‍රබලයෙක් කිසි දවසක මිනිසුන් මර්දනය කරගෙන නැඟිටින්න උත්සාහ කරන්නේ නෑ. මේ යුගයේ අපට බර්ටෝල් බ්‍රෙක්ට්ව අධ්‍යයනය කරනවානම් ඔහුගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.1976 දී මං අතින්"ඒකා අධිපති"බිහිවී 94 වෙද්දී ‍බ්‍රෙක්ට්ගේ නාට්‍යයක්"යක්ෂාගමන‍ය"හැටියට මගෙන් වේදිකාවට එනවා.

* ඔබගේ"හංස විල"චිත්‍රපටය තිරගත වූ කාලයේදී වැඩි අවධානයකට ලක්නොවුණත් ඒ සම්බන්ධයෙන් පසු කලෙක යම් කතිකාවක් නිර්මාණය වුණා.ඒ ගැන ඔබ ට කිවහැක්කේ කුමක්ද..?

ඕනෑම කලා කෘතියක් පිළිබඳ නිවරදි හෝ අර්ථාන්විත කතිකාවක් නිර්මාණය වෙන්නේ එකී කලා කෘතිය සමාජගත කරන කාල පරිච්ඡේදයට වඩා දශක ගණනාවකට පස්සේ.ඉතිහාසය කියන්නේ නොමියෙන මිනිසුන්ගේ නවාතැන්පොළටයි.නැවත නැවත පසුවිපරම් කරමින් ඒක සමාජගත කරන්නේ සමාජයමයි.ඕනෑම කලා කෘතියක් බලහත්කාරයෙන් සමාජගත කරන්නට බෑ.මගේ විශ්වාසයක් තියෙනවා මගේ"බව දුක"චිත්‍රපටය ගැන පවා පසු කලෙක විචාරකයින් වෙනස් විදිහට බලයි කියලා.

* ඔබගේ සැබෑ ජීවිතය තුළ ඔබගේ භූමිකාවන් තුළ වඩා කැමති නාට්‍යකරුවෙකුගේ භූමිකාවටද..?සිනමාකරුවකුගේ භූමිකාවටද..?

නාට්‍ය කරුවකුගේ භූමිකාවට මං වඩාත් කැමතියි.ඒක ඉතාමත් සජීවී මිනිස් සම්බන්ධයක් මත ගොඩනැඟිච්චි එකක්.ලියවෙච්චි පිටපතක් එක්ක වේදිකාවට ගියාට සැබෑ මනුස්සයන් තමයි මේක ජීවමාන කරන්නේ.මං ජීවත්වන සමාජ වටපිටාව කෙබඳුද කියන එක මට එතනදී අහුවෙනවා.ඒක මට පිටපතෙන් අහුවෙන්නේ නෑ.වර්තමානයේ මහා විකෘතියක් වු දේශපාලන ධාරවත් එක්ක මං එකඟ නොවෙන්නේ මේ නාට්‍ය කලාවෙන් මට ලැබුණු දැනුම නිසයි.ඒ දැනුම මට අම්මවත් තාත්තවත් දුන්නේ නෑ.මගේ ගුරුවරුන්වත් දුන්නේ නෑ.මට දැනුම දුන් ගුරුවරුන් පවා මේකෙ ගොදුරක් වෙලා පෙරහැරේ යද්දී මං විතරක් උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා.ඒ කලා කෘති වලින්ම මට ලබා දුන් දැනුමට ලංකාවේ කිසිදු බුද්ධිමතෙකුට ළංවෙන්න බෑ."බවදුක"චිත්‍රපටයෙන් මං මේ ඉරණම එදා කතා කරා.ඒත් "බවදුක"මිනිසුන් නොබලපු කලා කෘතියක් බවට පත්වුණා.මං ඒකයි මුලිනුත් කීවේ කාලයක් ගිහින් හරි"හංසවිල"ට ලැබුණු සාධාරණත්වය"බවදුක"ටත් ලැබෙයි කියලා.ඒක තමයි කලාවේ විශිෂ්ටත්වය කියන්නේ.

* එයින් ඔබ විශිෂ්ට කලාකරුවෙක් යයි ඔබ විසින්ම අර්ථගන්වා ගැනීමක් කරනවද?

නෑ.මං එයින් අදහස් ක‍ළේ මං විශිෂ්ට කලාකරුවෙක් කියන එක නෙවෙයි.කලාව විශිෂ්ටයි කියන එකයි.උදාහරණයක් විදිහට හිතුවොත් තව අවුරුදු සීයකින් කවුරු හරි සිංහලේ මහා වංශ කතාව කරනවනම් අද පල්වෙලා ගඳගහන මේ මඩ වළ මගහැර යන්න පුළුවන්ද..?කවුරු හරි මේ මඩ වළ මගහැර යනවානම් ඒ ප්‍රෝඪාකාරයට තවත් සියක් වසරකදී ජීවත්වෙන්නට මිනිසුන් ඉඩදෙයිද?

* මේ යුගයේ කලාකරුවාට යම් සමාජ වගකීමක් පැවරී ඇතැයි ඔබ විශ්වාස කරන බවක් එයින් අදහස් වෙනවද?

මේක විපත් මත ගොඩනැඟිච්චි සමාජයක්.ඒක කාටවත් නෑ කියන්ඩ බෑ.කලාකෘති නිර්මාණය කරලා මේක ගොඩගන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවනම් ඒක හිතළුවක් විතරයි.ඒත් අඩුම ගානේ මේ ව්‍යසනය දකින්නටවත් කලාකරුවාට තියෙන අයිතිය අපි පිළිගන්න ඕන.ඒ අයිතියත් නැති කරනවානම් ඉතිං දෙයියන්ගෙම පිහිටයි.

* ලාංකීය සමාජය තුළ මේ තරම් සමාජ ඛේදවාචකයත් අතිදකිම්න් තිබියදීත්,ජාතික ප්‍රශ්නය හා යුදමය වාතවරණය,දකුණේ ඇතිවුණු කැරලි කොලාහලයන් පවා කෙතරම් තීරණාත්මක වුවත් ඒකී අත්දැකීම් ගැඹුරින් ස්පර්ශ කරන කලාවක් අපේ කලාකරුවන් අතින් බිහිවුණේ නෑ.ඒ ඇයි?

ඒක ඇත්ත.ඔය ප්‍රශ්නෙම අපට වෙන විදිහකට අහන්න පුළුවන්.ලංකාවේ ස්වතන්ත්‍ර නිර්මාණ බිහිනොවී පරිවර්තන බිහිවෙන්නේ ඇයි කියලා.ලාංකීය සමාජය වග විභාග කිරිම ඉතා වැදගත්.යුද්ධය සැලකිල්ලට ගත්තත් යුද්ධයේ අනෙක් පාර්ශවකරුවා වග විභාග කෙරෙන්නේ නෑ. ඉරි ගහලා වෙන් කරගෙන බෙදුම් රේඛාවක් මැද්දේ ඉඳගෙන අපේ අය ඒක පාර්ශවීය නිර්මාණ කරනවා.මෙම බෙඳුම් රේඛාව අභිබවා යන්නට බැරිකම නිසා කොයිතරම් ඛේදවාචකයක් අපිව ගිළගත්තත් අපට හොඳ නිර්මාණයක් කර ගන්න බැරිවී තියෙනවා.ඒත් ඉන්දීය ලේඛකයින්,දෙමළ ලේඛකයින් මේ සීමා බිඳගෙන ගිහින් තියෙනවා.දෙමළ ලේඛකයෙකුගේ කවියක් සිංහලට පරිවර්තනය වුණත් ඒ හෘද ස්පන්දනය අපට දැනෙනවා.

* හැදෑරීමක් කැපකිරීමක් නොමැතිවීමත් මේ තත්ත්වයට හේතුවක් ලෙස ඇතැම් අය දකිනවා.ඔබ ඊට එකඟද..?

එකඟවෙනවා විතරක් නෙවෙයි මං ඊට තවත් කාරණා දෙකක් එකතු කරනවා.අපට චින්තකයෝ නැතිවීමත්,අපි දූපත් වැසියෝ වීමත් මේ ඛේදවාචකයට හේතුවෙනවා.අපේ සමාජය ගැඹුරින් වග විභාග කරපු අපේ චින්තකයෙක් කියපු,ලියපු දෙයක් උපුටා දක්වන්නට අපට හැකියාවක් නෑ."මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම"යි කියල බණ්ඩාරනායක කීව කියයි.ඒ පාඨය උපුටල ඡන්ද ටිකක් කඩා ගන්න පුළුවන් වුණාට ලාංකීය සමාජය විනිවිද දකින්න පුළුවන්ද.?අනෙක් අතට අපි දූපතක හිරවෙලා නිසාම අපි බොහෝ දේ ගත්තේ පිටින්.ණයට.එහෙමත් නැත්නම් කුලියට.ඒත් ඒ බව පිළිගන්න අකමැති නිසා අපේ අය බොහෝ දෙනෙක් විදේශයන්ට විරුද්ධයි.හැබැයි ඒ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න හොයාගන්න සටන්පාඨ ටික ගන්නෙත් ඒ රටවලින්ම ණයටමයි.ඒ හින්දා ඒ විරෝධයන් පවා"ජෝක්"බවට පත්වෙනවා.ඒ"‍‍ජෝක්"එක අපි තව තවත් සංවර්ධනය කරනවා.අපි අද දවසේ විරුද්ධ වෙන හැම බලවේගයක්ම අපට යමක් උගන්නලා තියෙනවා.මේක තේරෙන පිරිසකුත් රටේ ඉන්නවා.ඒත් ඒ අය මේ මොහොතේ නිශ්ශබ්දයි.

*බොහෝ ප්‍රවීණයන් සඳහන් කරන්නේ 60-70 දශකය කලාවේ ස්වර්ණමය යුගය කියලයි.ඔබත් ඒ අදහසේම කොටස්කාරයෙක්ද..?

ඇත්තටම.මගේ"ඒකාධිපති"නාට්‍යයෙන්ම ඒකට උදාහරණ ගන්න පුළුවන්.එදා කිසිදු ආරාධනාවකින් තොරව පක්ෂ විපක්ෂ හැම දේශපාලනඥයෙක්ම මගේ නාට්‍යය බලන්න ආවා.සමහර අය මට කතා කරා.සමහර අය කතා කළේ නෑ.සමහර අය එක්ක මගේ කිසිම කතා බහක්වත් ජීවිත කාලේ පුරාවට සිද්දවෙලා තිබුණේ නෑ.ඒත් මේ හැමෝටම යම් කලාකෘතියක් බලන්න,රසවිඳින්න විවේක බුද්ධිය තිබුණා.කලා කෘතියක් වෙනුවෙන් ඒ හැමෝටම වාඩිවෙලා ඉන්නට හැකි කාලපරිච්ඡේදයක් තිබුණා.ඒත් ඒ කාලය,අවකාශය නැතිවුණේ කලාකරුවෝ නිසා නෙවෙයි.ඔවුන්ගේම සටකපට,කූට උපක්‍රමශීලි බඩගෝස්තරවාදය නිසයි.අද නාට්‍යයක් කරාම බලන්න එන්නේ ප්‍රේක්ෂකයා නෙවෙයි.යාළුවෝ ටිකයි,නෑදෑයෝ ටිකයි,අනුග්‍රාහකයෝ ටිකයි විතරයි.මේකට හේතුව ලෙස එක එක්කෙනා එක එක මතවාද ප්‍රකාශ කරනවා.ඒත් සැබෑ හේතුව මේ එකක්වත් නෙවෙයි.රටේ කලාව පිරිහුණේ ලාංකිකයාගේ සංස්කෘතික ජීවිතය දේශපාලනඥයින් විසින් විනාශ කළ නිසයි.රටේ මිනිසුන් අවතැන් වුණේ යුද්ධයෙන් විතරක් නෙවෙයි.පාදඩ සංස්කෘතියෙනුත් අවතැන්වුණා.ඒ අවතැන් වුණු ප්‍රේක්ෂාගාරය අමතන්නට සිදුවී ඇත්තේත් අපටමයි.ඒක දැවැන්ත ඛේදවාචකයක්.

* නව පරපුරේ නිර්මාණකරුවන් දිහා වපරැහින් බැලීම බොහෝ ප්‍රවීණයන්ගේ ලක්ෂණයක්.ඔබත් ඒ එහෙමද..?

නෑ.මේ තත්ත්වයට නව පරපුර විතරක් වග කියන්න ඕන නෑ.අපේ පරම්පරාවන් මේ අයට හරියට බැටන් එක දුන්නේ නෑ.එතනත් ‍වැරැද්දක් තියෙනවා.ඒත් මේ තියෙන තත්ත්වය අපි සැබෑ ලෙස පිළිගත යුතුයි.අද තරුණ පරපුරේ බොහෝ නිර්මාණවලට තේමාවෙන්නේ ප්‍රේමය නැත්නම් ලිංගික ගැටලු.ඒක නරක නෑ.ඒවත් තියෙන්න ඕන.හැබැයි ලිංගික ගැටලුව චිත්‍රපටයක් වෙනකොට අර බම්බලපිටියේ මුහුඳු තීරයේදී දෙනොදහක් බලාගෙන ඉඳිද්දී අමානුෂික විදිහට පහරදීල රෝගියෙක් මරල දාන එක කෙටි චිත්‍රපටයක්වත් නොවෙන්නේ ඇයි?එදා මං සුගත් අයියගේ(සුගතපාලද සිල්වා)නාට්‍යයක් බලලා එළියට එන්නේ හිස් අතින් නෙවෙයි.තුන් දෙනෙක් අරගෙන.ඒ තමයි ජැක්සන් ඇන්තනී,ඩබ්ලිව්.ජයසිරි,‍කෞෂල්‍යා ප්‍රනාන්දු.අද මට නාට්‍යයක් බලලා එළියට එද්දී එක්කරගෙන එන්න කවුරුවත් ඉන්නවද?එතනයි ප්‍රශ්නය තියෙන්නේ.

වේදිකාවට නව ආලෝකයක් තටු සිඳුන කිරිල්ලී හා මැටි කරත්තය

Auhtor: ජයන්ත අරවින්ද
Date:28/02/2010
Source: Silumina

සුගිය දා ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී වේදිකා ගත වුණු ‘තටු සිඳුන කිරිල්ලී’ නාට්‍යය ස්වභාවික නොහොත් තාත්වික (realistic) ශෛලිය ඔස්සේ රචනා කොට නිෂ්පාදිත වූ වේදිකා නාට්‍යයකි. එහි රචක හා නිෂ්පාදිකා ව වූයේ ශාමලී ජයවීරයි. මේ ඇගේ පළමු නිෂ්පාදනයයි.

මෙවන් කාර්ය බහුල යුගයක චරිත විස්සකට අධික නළු නිළි පිරිසක් සමඟ පැය දෙකක පමණ නාට්‍යයක් සංගීතය වැනි අංගයන්ගෙන් ද සමන්විතව දින ගණනාවක් පුහුණු වී මෙසේ තරුණ කාන්තාවක් අතින් නාට්‍යය රචනා වී තමා අතින් ම නිෂ්පාදනය වීම සැබවින් ම සියලු නාට්‍ය රසිකයින්ගේ නො මඳ ප්‍රශංසාවට භාජනය විය යුත්තකි.

නාට්‍යයේ තේමාව හා කථා වස්තුව සුලබ එකක් වුව ද, කුළුඳුල් නිෂ්පාදනයක් වශයෙන් සලකන කළ, ප්‍රයත්නය සතුටු දායක ය. ඉහළ පෙළැන්තියේ පවුලකට අයත් ‘දුලානි’ විශ්ව විද්‍යාලයට ඇතුළුවී පුද්ගලික බෝඩිමක වෙසෙමින් මත්ද්‍රව්‍ය හා දුම්වැටී භාවිතයට ඇබ්බැහි වෙයි. ඇගේ මිත්‍ර සමාජය ද ඊට බලපායි. ඇය රෝගාතුර වේ. අන්තිමේ දී අයහපත් කල්ක්‍රියාවක් හේතුවෙන් පන්ති තහනමට ලක්වේ.

මේ අතර දියණිය පිළිබඳ මේ කිසිවක් නො දැන උසස් බලාපොරොත්තු තබාගෙන ඈත සිටින දෙමාපියෝ ඇයට උසස් පවුලකින් මංගල්‍යක් සැලසුම් කරති. පියා හෘද රෝගියෙකි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹට පැමිණෙන දෙමාපියෝ දියණිය බලා ගැනීම සඳහා බෝඩිමට පැමිණෙන අතර දියණිය පිළිබඳ තොරතුරු හෙළි වී අතිශය කම්පාවට පත් වෙති. පියා හෘදයාබාධය උත්සන්න වී අවසන් හුස්ම හෙළයි.

නිෂ්පාදිකාව පසු ගිය වසරේ, ප්‍රවීණ නාට්‍යවේදී තිලක් ගුණවර්ධන විසින් බොරැල්ලේ ‘පුංචි තියටර්හි’ පවත්වාගෙන ගිය නාට්‍ය හා රංග කලා පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ තරුණ රංග ශිල්පිනියකි. පාඨමාලාව අවසන් වත් ම නිෂ්පාදනයක නියැළීමෙන් ඇය මෙබඳු නාට්‍ය පාඨමාලාවක පවත්නා මූලික අරමුණ ඉටු කළා ය.

නාට්‍යයේ නම ‘තටු සිඳුන කිරිල්ලී’ සංකේතාර්ථවත් ය. උසස් අධ්‍යාපනයේ සියලු අපේක්ෂාවන් භග්න කර ගෙන, ගතින් ද සිතික් ද අකර්මණ්‍ය වන ‘දුලානි’ තටු සිඳුන කිරිල්ලියකි.’ නාට්‍යයේ රඟපෑ සියලු ම නළු නිළියෝ තම භූමිකා හොඳීන් රඟපෑහ. ‘දුලානි’ ගේ අයහපත් චරිතය දැක ඇයට දැඩි ලෙස දොස් පවරමින් සදාචාර සම්පන්න ආදර්ශවත් චරිතයක් රඟ පෑහ.

දුලානිගේ අයහපත් චරිතය රඟ පාන, බෝඩිමේ අයිතිකාරිය, තමාට මනාලයකු සොයන අවස්ථාවේ ප්‍රේක්ෂකයින්ගේ විහිළුවට ලක් වන චරිතයක් බවට පත්වීම සුදුසු නොවේ.

පැරණි සුභාෂිතය වැනි උපදේශාත්මක ග්‍රන්ථයකින් උතුම් පුතකු පිළිබඳව විද්වත් චරිතයක් මගින් ආදර්ශ ඉදිරිපත් කරවන මේ නාට්‍යයේ සමහර චරිත හා අවස්ථා තුළින් විටින්විට ඉදිරිපත් වන විකට චය¸ා හා කියමන් මූලික තේමාවට පැටහැනි බවක් දක්වයි. අනවශ්‍ය හාස්‍යයක් උපදවයි.

අනාගතයේ දී වඩා සාර්ථක නිෂ්පාදනයක් නිෂ්පාදිකාවගෙන් බලාපොරොත්තු විය හැකි අතර, ඊට තුඩු දෙන ශක්‍යතා රචනය හා නිෂ්පාදිකාව තුළ පිළිබිඹු විය.

පරාක්‍රම නිරිඇල්ලගේ ‘මැටි කරත්තය’ නිෂ්පාදනය පසුගියදා ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ වේදිකා ගත විය. නිරිඇල්ල හැත්තෑව දශකය තුළ ධම්ම ජාගොඩ විසින් ලයනල් වෙන්ඩ්ට් රඟහල් පරිශ්‍රයේ ම දියත් කෙරුණු නාට්‍ය රංග කලා පාඨමාලා තුළින් තම මූලික කුසලතා ප්‍රගුණ කර ගෙන ඉන්පසු ‘වරෙන්තුව‘ ‘සෙක්කුව‘ වැනි ප්‍රශස්ත නාට්‍ය කීපයක් වේදිකාවට ගෙන ආ වත්මන් ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයෙකි. ‘අද ඔහු ‘ජන කරලිය’ නමින්, නාට්‍ය ගමින් ගමට ගෙන යන ඉතා කාලෝචිත ව්‍යාපෘතියක් දියත් කරමින් සිටී.

මැටි කරත්තය ‘ශුදාක’ නමැති භාරතීය කවියා විසින් 6 වන සියවසේ දී පමණ රචනා කරන ලද මෘච්ඡකටිකා’ නමැති සංස්කෘත නාට්‍ය ග්‍රන්ථයට පියදාස නිශ්ශංක’ කවියා විසින් 1959 දී කරන ලද සිංහල පරිවර්තනය ඇසුරින් කරන ලද නාට්‍ය නිෂ්පාදනයයි. හැටේ දශකය ආරම්භයේ දී මේ පරිවර්තනය ම ඇසුරින්, ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු වූ පී. වැලිකල විසින් මැටි කරත්තය නාට්‍යය නිෂ්පාදනය කොට තිබුණි. අද එය සපුරා අභාවිත ය.

වසර පනහකින් පසු නැවතත් මැටි කරත්තය වේදිකාවට ගෙන එමින්, සංස්කෘත කාව්‍යමය නාට්‍යයක් වත්මන් සිංහල නාට්‍ය රසිකයින්ට හඳුන්වා දීමට දරන ලද වැදගත් ප්‍රයත්නය පිළිබඳ ව නිෂ්පාදකයා නාට්‍ය රසිකයන්ගේ ප්‍රශංසාවට භාජනය විය යුත්තේ ය. අංක දහයකින් යුත් ‘මැටි කරත්තයේ’ දීර්ඝ කථා වස්තුව පැය දෙක හමාරක පමණ කාලයකට කෙටි කර තිබුණු නමුත්, මුල මැද අග වශයෙන් කථා වස්තුවේ ආකෘතියට හානියක් නො වී මුඛ්‍ය සිදුවීම් සියල්ල නිෂ්පාදකයා විසින් නාට්‍යමය ලක්ෂණ රැකෙන පරිදි ගොනු කර තිබුණි.

නළු නිළියෝ සියල්ලෝ ම පාහේ දක්ෂ ලෙස රඟ පෑහ. ධාරු දත්ත රංගනය හා ගායනය යන අංග දෙකින් ම කැපී පෙනුණි. මුල සිට අග දක්වා ප්‍රාණවත් හා ජංගම ස්වභාවයක් නාට්‍ය පුරා පැතිරී තිබුණි. ගායනය හා පසුබිම් සංගීතය උසස් මට්ටමකින් පැවතුණි. අවසාන භාගයේ සමහර ගීත තවදුරටත් පුහුණු කළ යුතු තත්ත්වයේ විය.

‘වසන්ත සේනා’ ගේ ගායනා තව දුරටත් වර්ධනය කළ හැකි ය. ඇගේ රඟපෑම උසස් ය. නළු නිළියෝ සියල්ලෝ ම පාහේ දක්ෂ ලෙස රඟපෑහ. නළු නිළියන්ගේ වචන උච්චාරණය ඉතා වේගවත් ව සිදුවීම නිසා ප්‍රේක්ෂකයන්ට බොහෝ අවස්ථාවල සංවාදවල අර්ථ නො වැටහී ගියේ ය.

නාට්‍යාරම්භයේ එන විචිත්‍ර සාමූහික නර්තනාංගය මුල් නාට්‍යයේ හෝ සිංහල පරිවර්තනයේ අංගයක් නො වන අතර, එයින් වැදගත් අරමුණක් ඉටු විණැයි කිව නො හැකි ය. ‘ශකාර’ විසින් ‘වසන්ත සේනා’ එලවා ගෙන යන අවස්ථාව නාට්‍ය ආරම්භයට වඩාත් හොඳ සිදුවීමක් වන්නට ඉඩ තිබුණි.

පියදාස නිශ්ශංක කවියා විසින් මහාචාර්ය සරච්චන්ද්‍රයින්ගේ පෙළඹවීම හා මඟ පෙන්වීම මත පරිවර්තනය කරන ලද ‘මැටි කරත්තය’, ‘රත්නාවලී’ නාගානන්ද, ‘ස්වප්න වාසවදත්තා’ වැනි සංස්කෘතික නාට්‍ය තුළින් ඒ දෙදෙනාම බලාපොරොත්තු වූයේ, සංස්කෘති නාට්‍ය කලාවේ ආභාසයෙන් දේශීය නාට්‍ය කලාවක් ගොඩනැඟීම ය. මේ පරිවර්තන සංස්කරණය කරන ලද්දේ ද සරච්චන්ද්‍රයින් විසිනි.

එක් අතකින් නාඩගම් ශෛලිය ඇසුරින් දේශීය නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනැඟෙන අතර තවත් අතකින් සංස්කෘත නාට්‍ය ආභාසයෙන් දේශීය සම්ප්‍රදාය ගොඩනැඟිය හැකි යැයි සරච්චන්ද්‍රයින් සිතුවාට සැක නැත. ඒ අදහස හා ආභාසය නැවතත් මතු කරලමින්, පී. වැලිකලගෙන් පසු ‘මැටි කරත්තය’ නැවතත් නිෂ්පාදනය වීම, දේශීය නාට්‍ය කලාවේ පුනරුදයක් මෙන් ම සරච්චන්ද්‍රයන්, පියදාස නිශ්ශංකයන් වැනි අය එලි පෙහෙළි කළ ඒ මාර්ගය තවදුරටත් ආලෝකමත් කිරීමක් බව කිව හැකි ය.

අපි පොතේ උගත්තු නෙමෙයි - චන්ද්‍රසිරි බෝගමුව

Author: මනෝලි සුබසිංහ

Date:10/02/2010

Source:Dinamina


කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ
ප්‍රතිබිම්භන මූලික කලා අධ්‍යයන ඒකකයේ අංශ ප්‍රධානී - චන්ද්‍රසිරි බෝගමුව

දශක ගණනාවක් පුරාවට නාට්‍ය කලාකරුවන්ට බුහුමන් ප්‍රණාම දක්වනු පිණිස එළි දැක්වෙන ‘අභිනය’ ග්‍රන්ථය නාට්‍ය කලාව උදෙසාම වෙන් වූ සුවිශේෂී ග්‍රන්ථයකි. දශකයක් තුළ බිහි වූ නිර්මාණකරුවන් අතරින් තෝරාගත් සුවිශේෂී නිර්මාණකරුවන් කිහිප දෙනෙකු හෝ නාට්‍ය කලාව උදෙසා මහඟු මෙහෙවරක් කළ ප්‍රවීණයකු ගේ සේවාව අගයමින් උපහාර වශයෙන් පළ කෙරෙන ‘අභිනය’ - 10 කලාපය මෙවර වෙන්වූයේ 80 දශකයේ තෝරාගත් නාට්‍යකරුවන් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ විශිෂ්ට නිර්මාණ විශ්ලේෂණය සඳහා ය.

අසූව දශකයේ නාට්‍යකරුවන් හට ප්‍රණාම දක්වමින් නිකුත් කොට ඇති මෙවර ‘අභිනය - 10 කලාපය’ සංස්කරණය කොට ඇත්තේ ජාතික නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයකු සේම කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ප්‍රතිභිම්භන මූලික කලා අධ්‍යයන ඒකකයේ (Image Arts) අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතා යි.

චන්ද්‍රසිරි බෝගමුව මහතා විසින් සංස්කරණය කරන ලද දෙවැනි ‘අභිනය’ කලාපය මෙය වෙයි. ආදි ආනන්දියකු වන චන්ද්‍රසිරි බෝගමුව මහතා ග්‍රන්ථ කතුවරයකු හැරුණු විට මාධ්‍යවේදියෙකි. වීඩියෝ සංස්කරණය මෙන්ම ග්‍රන්ථ සංස්කරණ ශිල්පියෙකු ද වෙයි.

ඔබ ‘අභිනය’ කලාප දෙකක සංස්කාරකවරයෙක්. ‘අභිනය’ කලාපය උදෙසා නිර්මාණකරුවන් තෝරා ගැනීමේ දී විශේෂිත වූ නිර්ණායකයන් තිබෙනවා ද?

නාට්‍ය අනු මණ්ඩලයේ අපි “අභින” කලාපය මුද්‍රණය කිරීමේ දී හැමදාමත් එක්තරා පියවරක් අනුගමනය කරනවා. ඒ පියවර මෙවරත් අනුගමනය කළා.

ඒ තමයි “අභිනය” කලාපය තේමා දශකයේදී තම ප්‍රථම නාට්‍යය අධ්‍යක්ෂණය කරමින් නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසි නැතිනම් වඩාත්ම නිර්මාණශීලී නාට්‍ය ඉදිරිපත් කරමින් ඉන් අනතුරුව තවදුරටත් නාට්‍ය ක්‍ෂේත්‍රයේ රැදී සිටිමින් රංග කලාවේ විවිධ අංශවලට දායක වෙමින් සිංහල නාට්‍ය කලාවේ වර්ධනයට කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ යන නිර්ණායක යයි.

ඒ පදනමේ ඉඳලා අපි මෙවර අභිනය - 10 කලාපයටත් නාට්‍යකරුවන් දහ දෙනෙකු තෝරා ගත්තා. සෝමලතා සුබසිංහ, ජයලත් මනෝරත්න, සුසිල් ගුණරත්න, ඊ. එම්. ඩී. උපාලි, ජනක් ප්‍රේමලාල්, මංගල සේනානායක, ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්නජිත් අබේසූරිය යන නාට්‍යවේදීන් දස දෙනාගෙන් නාට්‍ය ලෝකය ඒකාලෝක කරන්නට ලැබුණු දායකත්වය සහ ඔවුන්ගේ නිර්මාණ දිවිය විමර්ශනය කරන්නටත් මෙම ප්‍රකාශය වෙන්කළා.

මේ හැමෝම 80 දශකයේදී වඩාත් ම ආකර්ෂණීය සහ ප්‍රශස්තම නාට්‍යය නිර්මාණය කරමින් නාට්‍ය ක්‍ෂේත්‍රයේ රැඳී සිටිමින් නාට්‍ය කලාවේ පෝෂණය දියුණුව උදෙසා විශාල වශයෙන් දායකත්වය දැක් වූ නාට්‍ය්‍ය ශිල්පීන් බව රටම දන්නා කාරණයක්.

නමුත් මේ නාට්‍යකරුවන් අතරේ සිටින සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනිය 80 දශකයට ගැළපෙන්නේ කොහොම ද? ඇය නාට්‍යවේදිනියක් ලෙස දීර්ඝ අත්දැකීම් ලද ජ්‍යෙෂ්ඨ ශිල්පිනියක්. මා නිවැරැදි නම් ඇයගේ නාට්‍ය කලාවට වූ මෙහෙවර අගයමින් අභින කලාපයක්ම වෙන් කළ යුතුව තිබුණා නේද?

ඇය අපට සිටින ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදිනියක්. ඒ වගේම සිනමා නිළියක්. සෝමලතා සුබසිංහ ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදිනිය, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ, ගුණසේන ගලප්පත්ති වැනි ප්‍රවීණයනගේ නාට්‍යවල රඟපෑවත් ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍ය අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ 80 දශකය ආරම්භයේදී යි. ඇගේ නාට්‍ය්‍ය කලාව තුළ සුවිශේෂිම දශකය වන්නේ් 80 දශකයයි.

සරච්චන්ද්‍රයන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයෙන් 1969 දී රංගනයට පිවිසෙන ජයලත් මනෝරත්න නාට්‍ය අධ්‍යක්‍ෂණයට යොමු වෙන්නේ 1980 දී යි. මේ නාට්‍යකරුවන් දස දෙනාගෙම කැපී පෙනෙන නිර්මාණ රාශියක් බිහි වෙන්නේ 80 දශකයේ දී යි.

සෝමලතා සුබසිංහ කියන්නේ අපට සිටින ජ්‍යෙෂ්ඨතම, ප්‍රතිභාන්විත රංගන ශිල්පිනියක්, නාට්‍ය අධ්‍යක්‍ෂවරියක්. නාට්‍ය ගුරුවරියක් බව අප කිසිසේත්ම අමතක කරන්නේ නැහැ. ඇය විශිෂ්ට රංගන ශිල්පිනියක් බවට කිසිම සැකයක් නැහැ.

සංස්කෘතික අමාත්‍යංශය සහ ජාතික නාට්‍ය අනුමණ්ඩලය එක් වී එළිදක්වන මෙම ග්‍රන්ථයේ අරමුණ කුමක් ද?

නාට්‍ය හා රංග කලාව අද වන විට පාසල් මට්ටමින්, එනම් හය වසරෙන් පටන් ගෙන විශ්වවිද්‍යාල ශාස්ත්‍රපති (ර්ඒ) උපාධිය දක්වා උසස් අධ්‍යාපනය දක්වා මට්ටමකට ගෙනැවිත් තිබෙනවා.

එනිසා නාට්‍ය හා රංග කලාව හදාරන ඕනෑම සිසුවකුට මෙම පොත කියවීමෙන් දැනුමක් ලැබීය හැකියි. උසස් අධ්‍යාපනයට නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථයින්ට, ගුරු භවතුන්ට, විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට නාට්‍ය හා රංග කලාව පර්යේෂණ කරන විද්වතුන්ට එක හා සමාන වැදගත්කමක් ඇති කෘතියක් වන බවට කිසිම සැකයක් නැහැ. ඇත්තටම නාට්‍ය හා රංග කලාව විෂයයට ඇල්මක් දක්වන අයට අභිනය කලාප අත්පොතක් විදියට ළඟ තබා

ගත හැකි වටිනා ග්‍රන්ථයක් බව මම පවසන්නේ එහි සංස්කාරවරයා හින්දම නෙමෙයි. මෙම ‘අභිනය - 10’ කලාපයට අන්තර්ගත ලිපි ලියූ ඒ විද්වත් කණ්ඩායම ගැනත් සිහිපත් කළ යුතුයි.

සුගත් වටගෙදර, විජේරත්න පතිරාජ, නිශ්ශංක දිද්දෙනිය, ඩග්ලස් සිරිවර්ධන, සමන් සොයිසා, පූජිත ද මෙල්, පියල් කාරියවසම්, සුනිල් මිහිඳුකුල, මහාචාර්ය සරත් විජේසූරිය, සෙනෙවිරත්න රොද්‍රිගු, නාට්‍යවේදීන් පිළිබඳ ලිපි ලිවීමෙන් දායක වී තිබෙනවා.

මේ නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ දිග හැරුමට අමතරව ම’විසින් ලියන ලද අසූව දශකයේ නාට්‍යකලාව පිළිබඳ විමසුමක් සහ ආචාර්ය සේනානායක්කාර විසින් ලියන ලද ‘වන්නියේ වේදිකාව‘ ගැන මගේ මතකය’ ලිපි දෙකක් මෙවර අභිනය කලාපයට ඇතුළත් වෙනවා.

මෙය ගුරුවරුන්ටත් ඉගෙන ගන්න දරුවන්ටත් තොරතුරු සොයා ගත හැකි කදිම පොතක්. සමකාලීන නාට්‍ය කලාව ගැන පර්යේෂණ කරන විද්වතුන්ට මෙම ග්‍රන්ථය තොරතුරු ගබඩාවක් හා සමානයි. ශාස්ත්‍රීය දැනුම සහිත වටිනා කමක් ඇති පොතක්.

අභිනය - 10 කලාපය ග්‍රන්ථය සංස්කාරක දක්වා ඔබ පැමිණි ගමන ගැන සිහිපත් කළොත් ?

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ආනන්දයෙන් ඉගෙනුම හමාර කරලා මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 1976 දීයි. 1981 දී ලලිත කලා ගෞරව උපාධි හිමියෙකු විදියට විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා මම ටී එන් එල් රූපවාහිනි ආයතනයට සම්බන්ධ වුණා. වසර දහයක් පමණ කඩින් කඩ මම එහි වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙකු, සංස්කරණ ශිල්පියෙකු ලෙස කටයුතු කළා.

සිංහල වේදිකා නාට්‍ය රූපවාහිනී මාධ්‍යයට පරිවර්තනය කරමින් වැඩිම දිගු වේදිකා නාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය කළේ මම යි. මම සංස්කරණය කළ ප්‍රථම සඟරාව වුණේ රාජ්‍ය නාට්‍ය්‍ය විශේෂ උත්සව කලාපය වූ ‘පංච’ සඟරාව යි. ‘රූපවාහිනි විද්‍යාව සහ කලාව‘ සහ ‘සමකාලීන සිංහල වේදිකාව‘ මම ලියූ ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකක්.

වැඩිපුරම වේදිකා නාට්‍ය්‍ය කලාව ගැන ලියන්න පෙළඹුණේ ඇයි?

මගේ විනෝදාංශය සහ මම හුඟක් පරයේෂණ කළේ නාට්‍ය්‍ය පැත්තෙනුයි. ඒ වගේම මට දීර්ඝ කාලයක් තිස්සේ නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. එනිසා මම නාට්‍ය හුඟක් බලන්න පුරුදු වුණා.

ලංකාව පුරා යමින් අපි විශාල වශයෙන් නාට්‍ය බලමින් විනිශ්චය මණ්ඩලවල කටයුතු කරන්න ලැබීම නිසාත් නාට්‍ය කෙරෙහි මගේ බැඳීම තවත් වැඩි වුණා. ඒවගේම නාට්‍ය කලාව පිළිබඳ පොතපත ලියැවෙන අවස්ථා දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඒ නිසා ඒ හිඩැස යම් තරමකින් හෝ පිරවීමේ දායකත්වය ට මමත් දායක වුණා වැනි හැඟීමක් අද මට තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරයකු හැටියට ශාස්ත්‍රීය වශයෙන් එවැනි කටයුතුවල නියැලීම එක් අතකින් අපගේ වගකීමක් වෙනවා. අපි පොතේ උගත්තු නෙමෙයි. හුඟ දෙනෙක් ඉන්නේ එහෙම අයනේ. නමුත් අපි න්‍යායාත්මක කරුණු ඉගෙන ගෙන ප්‍රායෝගිකව භාවිතාවට එක් කළ උගත්තුයි.

නාට්‍ය කලාවේ හෙට දවස ගැන සුබ පෙරනිමිති දකින්නට තිබෙනවාද?

තිස් වසරක යුද්ධය නිමාවීමත් එක්ක දැන් දැන් ප්‍රේක්‍ෂකාගාර පිරි ඉතිරී යෑමක් අපි දකිනවා. තරුණ පිරිස් වැඩි වැඩියෙන් නාට්‍ය පැත්තට උනන්දු වන බවක් පෙනෙනවා. විශේෂයෙන්ම ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරුවන් නාට්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත් වන කොට නවක දක්‍ෂ තරුණ පිරිස් නාට්‍ය නිර්මාණයට ඉදිරිපත් වන බවක් පෙනෙනවා. ඇත්තටම මේ තරුණයෝ දක්‍ෂයි.

ඒ බව අපි පසුගිය කාලේ පුරාවට දැක්කා. නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ මෙවැනි දක්‍ෂතා පිරි පිරිසක් බිහි වීමට බල පෑ ප්‍රධාන සාධකයක් හැටියට මම හිතන්නේ විධිමත් නාට්‍ය පාඨමාලා දැනුම.

ඉස්සර නාට්‍ය හැදුවේ ආසාවට ඉවෙන් වගෙයි. නමුත් දැන් එහෙම නෙමෙයි. ක්‍රමානුකූලව විදිමත්ව නාට්‍ය උගත් දරු පරපුරක් මේ ක්‍ෂේත්‍රයේ සිටීම නිසා එහි ප්‍රතිඵලයක් විදියට පෙරට වඩා නිර්මාණාත්මක පැත්තෙන් නාට්‍ය කලාවේ ප්‍රබෝධයක් දකින්න පුළුවන් කිව්වොත් නිවැරැදියි. නාට්‍ය කලාව කියන්නේ තරුණ ජවයෙන් ඉදිරියට යන කලාවක්.

යෞවනත්වයේ ජවයත් එක්ක තමයි වේදිකා නාට්‍ය කලාවේ ප්‍රබෝධය පවතින්නේ. ඒ නිසා නාට්‍ය කලාවේ හෙට දවස අඳුරු නැහැ.

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ප්‍රතිබිම්භන මූලික කලා අධ්‍යයන අංශයේ වර්තමාන අංශාධිපති ඔබයි. මේ නව තනතුර සමඟ ඔබගේ මතු බලාපොරොත්තු මොනවාද?

මෙම අංශය මඟින් දැනට ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය සහ විශේෂවේදී ලෙස උපාධි පාඨමාලා දෙකක් උගන්වනවා. ඒවගේම නාට්‍ය කලාව පැත්තෙන් මම නිතරම විද්‍යාර්ථයින් ඉදිරියට ගෙනයන්නට වැඩපිළිවෙළවල් සකස් කර තිබෙනවා.

මේ මාසේ 15 වැනිදා ඉඳලා 19 වැනිදා දක්වා නාට්‍ය උළෙලක් විශ්වවිද්‍යාල ධර්මාලෝක ශාලාවේදී පැවැත්වෙනවා. ඒ වගේම ලබන වර්ෂයේ සිට සිනමාව සහ රූපවාහිනි පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවක් (BA in film and Televition) හඳුන්වා දෙන්නටත් සැලසුම් සකස් කර තිබෙනවා.

මේ කටයුත්ත ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ මූලිකත්වය ඇතිව සකස් කළේ. අධ්‍යයන අංශය හරහා කරන්නට බලාපොරොත්තු වන අලුත්ම වැඩපිළිවෙළ එයයි.

දියුණු සංස්කෘතික මිනිසා අපට අහිමි වුණේ නාට්‍ය කලාවේ බිඳ වැටීමෙන් - නාට්‍යවේදී බුද්ධික දමයන්ත

Author: නුවන් නයනජිත් කුමාර
Date: 28/06/2008
Source: Silumina

නානාවිධ හේතූන් මත අද්‍යතනයෙහි වේදිකා නාට්‍ය කලාව දැඩි අර්බුදයකට මුහුණපා සිටින බව පැවැසීම අසත්‍යයක් නොවේ. දේශීය නාට්‍ය කලාව සුපෝෂණය කළ පුරෝගාමීන් අල්පයෙන් දැනට ජීවත් ව සිටින එක ම නාට්‍යවේදියා වන හෙන්රි ජයසේනයන් පසුගියදා මා හට පැවැසුවේ කෙබඳු දුෂ්කරතා මධ්‍යයේ වුවත් තවමත් නාට්‍ය කලාව හැර නොගිය තරුණයන්ට වෙනම ත්‍යාගයක් දිය යුතු බව ය.

පෙර පරපුරේ කෘතහස්ත නාට්‍යවේදීන් නිසි ලෙස කියවා සම්ප‍්‍රදාය මැනවින් හැඳීන එය කලානුරූපව වෙනස් කොට ගත් නූතනවාදී, තරුණ ප‍්‍රතිභාපූර්ණ නාට්‍යවේදීන් අතර බුද්ධික දමයන්ත ප‍්‍රමුඛයෙකි. 1994 නාට්‍යකරණයට ප‍්‍රවිෂ්ට වූ ඔහු මේ වන විට නාට්‍ය 12 ක් නිර්මාණය කොට තිබේ.

“අධිපතියාගේ මරණ මංචකය” (සැමුවෙල් බෙකට්ගේ ”End Game”ඇසුරෙන්) ඔස්සේ කුලුඳුල් නිර්මාණ ලකුණ තැබූ බුද්ධික, “පාදඩයා” (1996 – එඩ්වඩ් ඇල්බීගේ ”The Zoo Story” ඇසුරෙන්), “පළිඟු රෑන” (1997 - ටෙනිසි විලියම්ස්ගේ ”The Glass Managerie” ඇසුරෙන්), “දවස තවම ගෙවුණේ නැහැ” (1998 – මුරේ චිගල්ගේ ”The Typist” ඇසුරෙන්), “බන්සි මැරිල නැහැ” (1999 – ඇතොල් ෆුගාඩ්ගේ ”Sizwe Bansi is Dead” ඇසුරෙන්), “අපේ පන්ති කාමරය” (2000 – ඇතොල් ෆුගාඩ්ගේ ”My Children My Africa” ඇසුරෙන්), “රැකවලා” (2001 – හැරල්ඩ් පින්ටර්ගේ ”The Caretaker” ඇසුරෙනි), “මාස්ටර් හැරල්ඩ්, (2002 – ඇතල් ෆුගාඩ්ගේ ”Master Harold and the boys” ඇසුරෙනි), “පරණ අයගෙ කතාවක්” (2004 – ඇලෙක්සි ආර්බුසොව්ගේ ”An old world comedy” ඇසුරෙන්) “පුංචි ආදර බලකිරීමක්” (2005 – විජේ තෙන්ඩුල්කාර්ගේ ”A Friend’s story” ඇසුරෙන්), “වෙස් මුහුණ” (2007 - හෙන්රික් ඉබ්සන්ගේ ”Ghosts” ඇසුරෙන්) යනාදී නාට්‍ය කෙටි කලක් ඇතුළත සහෘදයාට තිළිණ කළේ ය.

ඔහු මෙතෙක් නිමැයූ එක ම ස්වතන්ත‍්‍ර නාට්‍යය “පුතා එනකන්” (2007) ය. බුද්ධිකගේ අභිනව නාට්‍යය තව නොබෝ දිනකින් ම එළිදකිනු ඇත. මෙවර ඔහුගේ අවධානය ප‍්‍රහසන නාට්‍ය ධාරාව වෙත යොමු වී තිබීම සුවිශේෂත්වයකි.

”අවුරුදු ගණනාවකට පසුව මෙවර මා ප‍්‍රථම වරට “සුරඟනක් ඇවිත්” නමින් ප‍්‍රහසන නාට්‍යයක් නිර්මාණය කරමින් සිටිනවා. ප‍්‍රකට ඇමරිකානු නාට්‍යවේදී නීල් සයිමන්ගේ ”THE STAR SPANGLED GIRL”නාට්‍යය ඇසුරෙන් පරිවර්තිත මෙය රචනා කළේ සුනිල් චන්ද්‍රසිරි.

ජුලි 9 – 10 දෙදින කොළඹ ලුම්බිණි රඟහලේදී මෙය දොරට වැඩීමට නියමිතයි. සුජීව පි‍්‍රයලාල්, මහේන්ද්‍ර වීරරත්න, මාධනී මල්වත්ත වැනි මගේ නාට්‍ය රැසක රඟපාමින් පළපුරුද්ද ලැබූ පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. මීට ප‍්‍රථම සම්භාව්‍ය අභූතරූපී (ABSURD) නාට්‍ය බහුල ව නිර්මාණය කළ මා පළමුවරටයි මෙවර ප‍්‍රහසනයක් වෙත යොමු වුණේ.”

ඔබ නීල් සයිමන්ගේ ”THE STAR SPANGLED GIRL” කෘතිය සිංහල වේදිකාවට ගෙන ඒමට බලපෑ විශේෂ හේතු මොනවද?

”පසුගිය අවුරුද්දෙ මා තීරණය කළා නාට්‍ය දෙකක් නිර්මාණය කරන්න. “උතුරු කොණට පටු පාරක්” ඉන් එකක්. අනෙක “සුරඟනක් ඇවිත්” මේ නාට්‍ය යුගල දවස් දෙකක ඉදිරිපත් කරන්නයි මා සිතා සිටියේ. නමුත් විවිධ හේතුන් මත එය වෙනස් වුණා.

“උතුරු කොණට පටු පාරක්” නාට්‍යය පසුගිය වසරෙ නිර්මාණය කළා. මෙය ඇතොල් ෆුගාඩ්ගේ නාට්‍යයක් ඇසුරින් බිහි වූවක්. මහේන්ද්‍ර වීරරත්නයි, මාධනී මල්වත්තයි, මායි මෙහි ප‍්‍රධාන චරිත රඟපෑවා. එය මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටයට තේරී තිබෙනවා. “සුරඟනක් ඇවිත්” වසරක් පමාවුණා”

”අධිපතියාගේ මරණ මංචකය” ඔස්සේ නාට්‍යකරණයට පිවිසෙන කාලයේ ඔබ තාරුණ්‍යයේ එළිපත්තේ සිටියේ. සැමුවෙල් බෙකට්ගේ ගැඹුරු අභූතරූපී නාට්‍යයකින් (END GAME) මෙය බිහි වුණේ.

”ඒ වන විට මගේ වයස අවුරුදු 23 යි. නාට්‍ය කලාවට පිවිසෙන්න තියෙන දැඩි ඇල්ම නිසයි මෙය කළේ. සැමුවෙල් බෙකට්ගේ නාට්‍යයක් සිංහල වේදිකාවට ගෙන ඒම ඒ වයසට ඔරොත්තු දෙන්නේ නැහැ. අපි ඒ නාට්‍යය කළේ කොහොමද කියල හිතනකොට අදත් මට පුදුමයි. ගිහාන් ප‍්‍රනාන්දු වැනි අද ප‍්‍රකට නළුවෝ එදා එහි රඟපෑවේ. 1994 යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ලෙස මෙයට සම්මාන ලැබුණා. සුගතපාල ද සිල්වා සූරීන් තමයි විනිශ්චය මණ්ඩලයේ සිටියේ.

එදා මට ලැබුණු හයිය නිසා තමයි අදත් බාධක මැද නාට්‍ය කලාවේ දුෂ්කර කි‍්‍රයා කරමින් රැඳී සිටින්නේ. මුදලට මුල් තැන දෙන බඩගෝස්තරවාදී සමාජ ක‍්‍රමයක අඛණ්ඩව නාට්‍ය නිර්මාණය කරන්න කෙනෙකුට “පිස්සුවක්”, “මොළේ අමාරුවක්” තියෙන්න ඕනෑ. නිර්මාණකරුවෙක් නාට්‍යයක්, දෙකක් කරයි. නමුත් දිගටම නාට්‍ය 10 ක් 12 ක් කරන්න අද වැනි යුගයක “ලොකු ආබාධයක්” තියෙන්න ඕනෑ. මං වගේ එහෙම පිස්සු කොල්ලො තුන් හතර දෙනෙක් තවමත් නාට්‍ය කලාවෙ ඉන්නවා.

පාසලෙන් සමුගත් පසුව මා කිසිදු වෙනත් වෘත්තියක නියැළුණේ නැහැ. එදත් අදත් මා පූර්ණකාලීන නාට්‍යකරුවෙක්. පුදුමයි නේද? සමාජය අපි දිහා බලන්නේ “විහිළුකාරයෝ” දිහා බලනවා වගේ.”

ඔබ මෙතෙක් නිමැයූ නාට්‍ය බහුතරයක් පරිවර්තිත කෘති. ස්වතන්ත‍්‍ර නාට්‍යවලට වඩා පරිවර්තන කෙරෙහි වඩාත් නැඹුරු වූයේ මන්ද?

”දැන් ඉන්දියාව වැනි රටවල ලෝකයේ විවිධ රටවල බිහි වන සාහිත්‍ය, නාට්‍ය කෘති තමන්ගේ භාෂාවන්ට පරිවර්තනය කොට ගන්නවා. ලෝක දැනුමයි ඔවුන් මේවායින් උකහා ගන්නේ. ඒ රටවල සාහිත්‍ය මණ්ඩලවලින් ඒවා පරිවර්තනය කරන්නේ. ලංකාවේ අඩු තරමේ ශේක්ස්පියර්ගේ කෘතියක් වත් මෙබඳු සාහිත්‍ය මණ්ඩලයකින් පරිවර්තනය කරල නැහැ.

කේ.ජී. කරුණාතිලක වැනි තනි ලේඛකයන් පරිවර්තනය කළ අල්පයක් තිබෙනවා. ප‍්‍රංශයේ හොඳ නාට්‍යයක් බිහි වුණොත් ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් එය තමන්ගේ බසට පරිවර්තනය කර ගන්නවා. මේ ලබා ගන්නේ සංස්කෘතික දැනුමක්. මා සිංහල වේදිකාවට ගෙන ආවේ ලෝක නාට්‍ය සාහිත්‍යයෙන් උකහා ගත් සංස්කෘතික දැනුම.”

ලෝකයෙන් අප ලබන දැනුම හැරුණුවිට මෙරටට පමණක් ආවේණික සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු, යෞවනත්වය හා බැඳුණු ප‍්‍රශ්න කොතෙකුත් තිබෙනවා. මේවාට සංවේදී වීමෙන් ඔබ ස්වතන්ත‍්‍ර නාට්‍ය බිහි කිරීමට උත්සුක නොවූයේ සෞන්දර්යාත්මක පරතරය (AESTHETIC DISTANCE) නමැති සංකල්පයට මූලිකත්වය දීම නිසා යැයි මා සිතනවා. එනම් මෙරට සමාජ යථාර්ථය පෙන්වීමට විදෙස් කෘති ඉවහල් කර ගැනීමයි.

”ඇත්ත. මෙරට සමාජය හොඳින් කියවල නිර්මාණකරුවකු ලෙස මා කිවයුතු යැයි හැඟුණු දේ තමයි පරිවර්තන නාට්‍ය ඔස්සේ වඩා හොඳින් ඉදිරිපත් කළේ. අනෙක් අතට මෙරට සමාජ, දේශපාලන, ආර්ථික කරුණු ඍජු ව පරිණත ව රචනා කිරීම ලේසි පහසු දෙයක් නොවේ. අනෙක මා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් පමණයි.

පිටපත් රචකයෙක්, ගායකයෙක්, නළු කලා උපදේශකවරයෙක්, ප‍්‍රචාරක දැන්වීම් ශිල්පියෙක් නෙමෙයි. මට හැකියාව තිබුණා ලෝකයේ තිබෙන උසස් නාට්‍ය කියවලා ඉන් මා කම්පනයට පත් කළ නාට්‍ය සිංහල වේදිකාවට ගේන්න. එය ස්වතන්ත‍්‍ර ද පරිවර්තන ද යන්න මෙහිදී මට වැදගත් වුණේ නැහැ. ලෝකයේ බොහෝ දියුණු රටවල් නාට්‍ය කලාවට උසස් තැනක් ලබා දෙනවා. අපේ රටේ කවදත් මේ කලාවේ වටිනාකම තේරුම් ගත්තෙ නැහැ. අපේ රටේ සංස්කෘතික මිනිසාගේ බිඳ වැටීමට බලපෑවෙත් මේ හේතුවයි.”

1977 න් පසුව මෙරට බිහි වුණේ අක් මුල් නැතිව දලු ආ තරුණ පරම්පරාවක්. ජනපි‍්‍රය සංස්කෘතිය නමැති සුනාමියට හසු වූ බහුතර තරුණ පෙළ ආතක් පාතක් නැති ව එහි ගසා ගියා. අවශේෂ කලාවන්ට අත්වූ ඉරණමට නාට්‍ය කලාවත් මුහුණ පෑවා.

ඔබ, රාජිත දිසානායක, පියල් කාරියවසම්,ධනංජය කරුණාරත්න, තුමිඳු දොඩන්තැන්න, පූජිත ද මැල්, සහන් රන්වල වැනි තරුණයන් අල්පයක් උඩුගං බලා පිහිනමින් පෙර නාට්‍ය කලාවේ තිබූ ස්වර්ණමය යුගය නැවත ළඟා කර ගැනීමට වෙර දරනවා.

”එදා උසස් නාට්‍ය බිහිවුණා. උසස් රසඥතාවක් තියෙන පෙ‍්‍ර්ක්ෂක පිරිසක් සිටියා. හරවත් කලාවට, කලාකරුවන්ට අනුබල දෙන, අනුප‍්‍රාණය සපයන මාධ්‍ය යාන්ත‍්‍රණයක්, විචාර කලාවක් තිබුණා. ඒත් ඔබ කී සමාජ පෙරළියත් සමඟ මේ ස්වර්ණමය අවධිය ක‍්‍රමයෙන් බිඳ වැටුණා.

දැන් අපේ පරම්පරාවට කලින් නාට්‍යකරණයෙහි නියැළුණු ජයන්ත චන්ද්‍රසිරි, ප‍්‍රසන්න විතානගේ වැන්නන් කලකදී නාට්‍ය කලාව අතහැර සිනමාවට පිවිසුණා. අපේ පරම්පරාවේ ස්වල්ප දෙනෙක් හුදෙකලා අරගලයක් කරමින් බාධක ජය ගනිමින් තවමත් මේ නාට්‍ය කලාවේ ම එල්ලිලා ඉන්නවා. එදා සිටම මගේ නාට්‍ය වටා රොක් වූ මා කළ නිර්මාණ දිහා විචාරශීලී ව බලා සිටින සහෘද පෙ‍්‍ර්ක්ෂක පිරිසක් මට සිටිනවා.”

විරලව හෝ ඔබ බෙනට් රත්නායකගේ ”www.com” ටෙලි නාට්‍යයේ මතකයේ රැඳෙන චරිතයක් රඟපෑවා.

”මෙය බෙනට් අයියාගේ ඉල්ලීමක් නිසා රඟපෑ චරිතයක්. වේදිකාවෙන් මා ලබා තිබෙන පරිචය අනුව ටෙලි නාට්‍ය මට ඉතා සුළු දෙයක්. නිෂ්පාදකවරයෙක් සිටිනවා නම් චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට මා සූදානම්. දැන් හැදෙන සමහර චිත‍්‍රපට දිහා බැලුවාම හොඳ චිත‍්‍රපටයක් නිර්මාණය කිරීම මට අපහසු දෙයක් නොවේ. නමුත් නාට්‍ය තමයි මගේ ජීවිතේ.

දැන් කවුරුවත් අහන්නේ නැහැනේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් හෝ වසන්ත ඔබේසේකරයන්ගෙන් ඇයි ඔබ නාට්‍යයක් කරන්නේ නැත්තේ කියා. නමුත් ඇයි බුද්ධික චිත‍්‍රපට නොකරන්නේ කියලා අපෙන් සමහරු අහනවා. නාට්‍ය කියන්නේ එක මාධ්‍යයක්. චිත‍්‍රපට වෙනත් මාධ්‍යයක්. මේවා එකිනෙකට උසස් හෝ පහත් නැහැ. නමුත් නාට්‍ය කලාවට කවදත් ලැබුණෙ කුඩම්මාගේ සැලකිලි. මගේ ආත්ම ප‍්‍රකාශන මාධ්‍යය නාට්‍යයයි. මගේ නාට්‍යවල රඟපෑ සමහර නළුවෝ දැන් නාට්‍ය කලාව උගන්වන කථිකාචාර්යවරු.

නමුත් මා තවමත් මේ කලාව හදාරන ශිෂ්‍යයෙක්. නාට්‍ය කලාවේ නියැළෙනවාට වඩා වෙනත් ආදායම් මාර්ග ඕනෑ තරම් තියෙනවා. අද නාට්‍ය උදව් ඉල්ලා අඬන අම්මාගේ කලාව බවට පත් වෙලා. අම්මට සලකන්නේ නැති පුතුන් තමයි අද ඉන්නේ. ලංකාව වැනි සුබ සාධනවාදී රටවල ස්වභාවය මෙයයි. දැන් සෑම වසරකම එක නාට්‍යයක් හදන්න පුළුවන් ස්ථාවරයක මං ඉන්නේ. මට අනුග‍්‍රාහකයෝ, මිතුරෝ ඒ සඳහා ඉන්නවා. නමුත් තරුණ පරපුරට මේ උසස් කලාවේ නියැළෙන්න මොනම අයුරකින්වත් පහසුකමක් අද නැහැ.

එදා හෙන්රි ජයසේනයනුත් මේ ප‍්‍රශ්නය කියා ඇඬුවා. අද මා අඬනවා. පරම්පරා 5 ක් පුරා නොවිසඳුණු ප‍්‍රශ්න නාට්‍ය කලාව සමඟ බැඳිලා තියෙනවා. අපි එක් එක්කෙනා තනි තනිව නාට්‍ය කරලා පෙන්වා ගත්තා මිසක් මේ ගැටලු නිරාකරණය කර ගත්තේ නැහැ.

අනෙක් කලාවන්ට මේ ගැටලු වෙනස් ආකාරයට බලපානවා. තවමත් අපට විධිමත් නාට්‍ය පාසලක් නැහැ. චිත‍්‍රපට සංරක්ෂණාගාරයක් තවමත් මෙරටේ තියෙනවද? එක්තරා විදියකට අපේ නාට්‍යවලින් එළිදකින්නේ මේ මානසික ආතතිය තමයි.”

ජන නාට්ය උසස් නාට්ය කලාවකට ආ හැටි

Date: 21/01/2010
Source: Sarasaviya

වර්තමානයේ අපට දකින්නට ලැබෙන්නේ උසස් නාට්‍ය කලාවකි. ග්‍රීක නාට්‍ය කලාව අද ක්‍රියාත්මක නැතැයි කිසිවෙකුට කිව නොහැක. ඔවුන් අද ග්‍රීසියේ පමණක් නොව මුළු ලොවටම පොදු වූ නාට්‍ය තරගයක් පවත්වයි. ඒ ඇලෙක්සැන්ඩර් එස්. ඔනාසීස් ජාත්‍යන්තර නාට්‍ය තරගයයි. ඒ නාට්‍ය පිටපත් සඳහා පමණි.

එපමණක් නොව එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල නාට්‍ය කලා, තරග, උළෙල ආදිය දෙස බලන විට ඒවා කොතරම් සංවර්ධනය වී ඇත්ද යන්න වැටහේ. නමුත් මේ සෑම නාට්‍ය කලාවක්ම ආරම්භ කර ඇත්තේ දෙවියන් මුල් වූ යාතු කර්මවලිනි.

ඒ යාතු කර්ම තවදුරටත් සංවර්ධනයවීමෙන් ඒවායේ නාට්‍යමය අවස්ථා බහුල විය. සමහර ශාන්තිකර්මවල ආගම අභිබවා සාමාන්‍ය ජනතාවට උපදෙස් දෙන කතාන්තර ගොඩ නැගුණි. ඒ කතාන්තර නොහොත් සදූපදේශ දකුණ ආසියාවේ කාන්තාව ඉලක්ක කරගෙන නිර්මාණය විය. බෙහෙවින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් දකින්නට ලැබේ.

යුරෝපයේ මිස්ටරි, මිරැකල්, නාට්‍ය ක්‍රිස්තියානි ආගම මුල් කරගෙන ලියැවිණි. මේවා බොහෝමයක් සමස්ත ජන වාර්ගයාටම උපදෙස් දෙන්නේ විය. කෙසේ වෙතත් මෙහි ආරම්භයන් උසස් නාට්‍ය කලාවන් කෙරෙහි කැඳවාගෙන ආවේය.

ශ්‍රී ලංකාවෙන් මෙවැනි උදාහරණයක් ගත හැක. ඒ මනමේ නාටකයයි. බොහෝ දෙනෙකුට මනමේ නම කියූ ගමන් සිහියට නැගෙන්නේ මහ ඇදුරු සරච්න්ද්‍රයන්ගේ මනමේ නාටකයයි.

නමුත් මේ කතාන්තරයේ මුල ජාතක කතා පොතේ එන චුල්ලධනුද්ධර කතාවයි. මේ කතාව කලාකරුවන්ගේ නෙත ගැටී ඇත්තේ කවි නාඩගම් යුගයේ සිටයි. මනමේ නාඩගම ලංකා ඉතිහාසයේ මුලින්ම දකින්නට ලැබෙන්නේ කවි නාඩගමක් හැටියටයි.

පසුව එය සින්දු නාඩගමක් හැටියට හැඳින්වේ. මෙයින් පසුව තවත් පරම්පරාවක් මනමේ කතාව භාවිත කළේය. ඒ කෝළම් පරම්පරාවයි. මේ නිසා කෝළම් නාටක පිටපත් පිළිබඳව ගවේෂණය කළ පර්ටෝල්ඩ් පඬිතුමා කොළඹ කෞතුකාගාරයේ සිට පැරණි මනමේ කෝළම පිළිිබඳ රචනා කළ අයුරු වටහා ගත හක.

ඔහු වෙහෙස මහන්සියෙන් සොයා ගත්තා හැරෙන්නට අද වන විට පැරණි කෝලම් පිටපත් නැති තරම්ය. සමහර කෝළම් පිටපත් ඉංග්‍රීසීන් විසින් එංගලන්තයට ගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ යටත් විජිතයක් හැටියට ශ්‍රී ලංකාව පැවැති කාලයේදීය.

අපගේ පැරණි පුස්කොළ පොත්වලට ද මේ ඉරණම අත් වූ බව වඩාත් හොඳින් දන්නේ මේ පිළිබඳ ගවේෂණය කළ අය පමණි. වර්තමානයේ ඒ පිළිබඳ අධ්‍යයනය කරන්නට වුවමනා නම් අපට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට යාමට සිදු වේ.

කරුණු එසේ වුවද යළි පැරණි මනමේ කෝළම වෙත හැරෙමු. දැන් අපි හොඳින් දන්නා පරිදි ජාතක කතාවේ චුල්ලධනුද්ධර කතාවේ ස්ත්‍රියගේ චපලත්වය ඉඳුරාම පවසයි.

ස්ත්‍රියට පහර දෙයි. ඇය දෝෂ දර්ශනයට ලක් කරමින් ඇයගේ ගති පිළිබඳ විවේචනය කරයි. පන්සිය පනස් ජාතක පොතේ සඳහන් කතාන්දරවල බොහෝමයක ස්ත්‍ර‍්‍රියගේ චපලත්වය කියාපායි.

අතෙහි ඇඟිලි ගණනට ඇති කතා සොච්චමක පමණක් ස්ත්‍රියගේ ගුණ කියැ වේ. මේ නිසා ජාතක කතාවේ මතු වන ගුණයම කවි නාඩගමේ ද දකින්නට ලැබේ. කවි නාඩගම්කකරුවා ඒ අවවාදය ප්‍රතික්ෂේප කරන්නේ නැත.

මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ සිංහල නාටකය හා සඳකිදුරු ග්‍රන්ථයෙන් දක්වන්නේ සලා ගුරුන්නාන්සේ නම් කෙනෙකු ගම්පහ, මීගමුව යන ප්‍රදේශවල සිට ලංකාවේ බොහෝමයක් පළාත්වල ඉතා ජනප්‍රියම මෙම කවි නාඩගම රඟ දැක් වූ බවයි.

වික්‍රමසිංහ මහතා විස්තර කරන පරිදි බොහෝ පන්සල්වල මෙය රඟ දක්වා ඇත. පැතලි පොළවේ කවාකාර භූමි භාගයක මෙය රඟ දැක් වූ අතර ප්‍රේක්ෂකයා වටේට බිම ඉඳගෙන මේ නාටකය නැරඹූහ.

ගැට බෙර, හොරණෑ ආදිය සංගීතය ලෙස යොදා ගැනිණි. මෙහි ස්ත්‍රීන් රඟපෑ බවක් සඳහන් වන්නේ නැත. මේ නාටකය ද අවසන් වී ඇත්තේ ස්ත්‍රීන්ට නිගා කිරීමෙන්ය.

බොහෝ දුරට ලාංකීය සමාජයේ ස්ත්‍රිය ඉතාමත් ශුද්ධ චරිතයක් හැටියට ජීවත් විය යුතුය. කිරි අම්මා දානයේදී මව්වරු හත්දෙනෙක් තෝරා ගන්නේ ද එවැනි සංකල්පයක් උඩය.

එහෙයින් කාන්තාව ආදර්ශමත් විය යුතුය. අන්‍ය පුරුෂයන් හා බැඳීම් ඇති කර ගත නොයුත්තාහ. මේ නිසා එකල සමාජයට මනමේ කවි නාඩගම ඉතාමත් ආදර්ශමත් කතාවක් විය හැක.

මනමේ කෝළම ද කිසිදු වෙනසක් නැතිව ඉහත කවි නාඩගමේ හා ජාතක කතාවේ තිබූ ලක්ෂණම දකින්නට ලැබේ. එහෙයින් බලන විට මෙකී පරම්පරා තුනම එනම් ජාතක කතාව, කවි නාඩගම, මනමේ කෝළම යන නිර්මාණ තුනෙහිම මනමේ කතාවට කිසිදු වෙනසක් වන්නේ නැත.

එසේ එහි උසස් නාට්‍යමය ගුණ නැති බව ප්‍රකාශ කළොත් ගතානුගතික කෙනෙක් නම් හෘදය සංවේදීව ඒ අදහස ප්‍රතික්ෂේප කරනු ඇත. එය එසේ වන්නේ උසස් නාට්‍යමය ගුණය යනුවෙන් සඳහන් කළ ප්‍රකාශය තේරුම් නොගැනීම නිසායි. එසේ නම් උසස් නාට්‍යමය ගුණ යනු මොනවාද?

* උසස් නාට්‍ය කෘතියක කතාන්තරයෙන් සර්වකාලීන ජීවන දෘෂ්ටියක් සාකච්ඡා වේ. ස්ත්‍රිය චපල බව සර්වකාලීන නැත. ජාතක කතාවලම එන ‘සම්බුලා ජාතකය’ ගත් කළ ඒ බව හෙළි වේ.

තවදුරටත් ගතහොත් සමහර චපල පිරිමි සිටිති. එමෙන්ම සම්බුලා වන් පිරිමින් ද සිටිති. එසේ නම් ජාතක කතාවෙන් කවි නාඩගමෙන්, කෝලමෙන් එළිදරව් වන මනමේ කතා පුවතින් සර්වකාලීන මතු වන්නේ නැත. ඒ,

* ගුණාත්මක නාට්‍යයක් එහි සඳහන් වන දෙබස් පවා වරින් වර වෙනසකට ලක් වන්නේ නැත.

* ගුණාත්මක නාට්‍යයක් විධිමත් ශෛලියකට අනුව රංඟ ගත වේ. එය නාට්‍ය ධර්මී හෝ ලෝක ධර්මී වේවා පිළිවෙළක් තිබිය යුතුය.

* ගුණාත්මක නාට්‍යයකින් තීන්දු දෙන්නේ නැත. එය උසාවියකට පැවරෙන කාර්්‍යයකි.

නාට්‍යකරුවා කරන්නේ මෙවැනි තත්ත්වයක් මත අපි කුමක් කළ යුතු ද යන්න සාකච්ඡා කිරීම පමණි.

* ගුණාත්මක නාට්‍යයක කෙනෙකුට හෝ යමකට ඇඟිලි දිගු කොට චෝදනා නගන්නේ නැත.

* ගුණාත්මක නාට්‍යයක පවතින ලක්ෂණයක් වන්නේ ස්ථිර වූ භාෂා රිද්මයකි.

* රංගනයේදී පිටපත අභිබවා සාධනීය ලෙස සකස් වූ රඟපෑම් ද ගුණාත්මක නාට්‍යයකට අවශ්‍ය වේ.

ඉහත දැක් වූයේ ගුණාත්මක නාට්‍යයකට අවශ්‍ය ලක්ෂණවලින් සමහරක් පමණි. මහාචාර්ය සරච්චන්ද්‍ර ඇදුරුතුමා මනමේ නාටකය නිර්මාණය කරන්නේ ඉහත ලක්ෂණ සලකා බලන්නට ඇත. එය ජාතක කතාවෙන්, කවි නාඩගමෙන් හා කෝළමින් නැතහොත් සින්දු නාඩගමින් ඔබ්බට ගිය වැඩ කොටසකි. මෙහි ඉහත සඳහන් කළ ගුණ සියල්ලකක්ම මනමේ නාටකයේ ඇත.

මීට කලින් මනමේ නාටකයේ අවසානය අපගේ සාකච්ඡාවට බඳුන් වී ඇත. එහිද සඳහන් කළේ අවසානයේ මහ ඇදුරුතුමන් තම නාටකයෙන් කරන ප්‍රකාශයයි. ඔහු පවසන්නේ ‘නොදනිමි කාගේ දොසා’ යනුවෙනි.

එහිදී මේ නාට්‍යකර ැවා තීරණයක් නොදෙයි. එමෙන්ම මෙවැනි සිද්ධීන් සර්වකාලීනව සිදුවන්නට පුළුවනි.

A Child learns through drama - Chandrasena Dassanayake

A treasure trove of wisdom and notable drama guru, playwright, actor and director Chandrasena Dassanayake gave his thoughts and hopes in the local theatre field. Hailing from the gem of all Sri Lankan towns known as Ratnapura, Chandrasena said, “Drama was something I was interested in from my university days and back then when we were in hostels, we’d used drama and theatre as a form of entertainment.”

Attending boarding school at a young age, he went to the Karawita Central College and studied right up to SSC (Secondary School Certificate) which is equivalent to the OL. “I then went to the Seevali Central College to do my HSC (Higher School Certificate) and then passed my UE (University Entrance) exam” he said. Thereafter, he went to the University of Peradeniya to read for his General Arts degree where he met his future wife, Daisy who was a year junior to him.

Coming from a family of 3 sisters and 4 brothers, Chandrasena’s father was a hotel proprietor. “Even though my family (my brothers, sisters and parents) hasn’t seen any of my productions, they were my most loyal supporters” said Chandrasena. He is father to three sons who are all abroad in Bangladesh, Australia and the U.S.A. and they are his critics. “Even though none of them followed my dramatic trait, I would let my children comment on my drama and they would be honest about it and in turn, appreciate it better,” he said.

During his schooldays, he was an ardent follower of the drama circles making his first appearance in ‘Vijaya-Kuveni’ in 1948 and thereafter he acted in ‘Mahalu Gayakaya’ in 1957. Other notable productions he was popular in were ‘Ratarang’ in 1959, ‘Elova Gihin Meloya Ava’, ‘Riders of the Sea’ in 1960, Anatole Frances’ ‘Dumb Wife’ (directed by Basil Mendis) which was adapted into Sinhala by Namel Weeramuni called ‘Golu Birinda’. As a make-up artist and costume designer, he helped in ‘Nariugula’, ‘Sakkay Disti’, ‘Kendan Gedarata Ada’ and Prof. Sarathchandra’s ‘Maname’, ‘Ekata Mata Hina Hina and ‘Wellavehum’.

Chandrasena made his first play in 1964 which was called ‘Hemada Niyan’ and it won first place at the all-island drama festival.

In 1966, he went to produce ‘Aandi Tikai Ambalamai’ which is a drama that ridicules the United Nations. He compares the UN with an ‘Aandi-gathered Ambalama’.

Different countries were given names (according to dramatist) to highlight their inherent characteristics. “It was rather controversial and it was censored at places but was a popular drama as we did 1200 shows all across the country,” he said. It went on to win first place at the all-island drama festival in 1966.

In 1966, he went on to produce ‘Pothaka Satahan’ which was a Sinhala version of Anne Frank’s Diaries by highlighting in a play of about one hour. “It was a contrast of two worlds with my drama because in Aandi Tikai Ambalamai’ I was talking about the UN and in Anne Frank, the consequences and sufferings of war. “I even did a play about monkeys and apes because they imitate people and it was a nice idea to put it in a play” he said. He then produced ‘Sakkara Distiya’, ‘Vaanarayo’ for the ANCL Lassana Drama Festival in 1967.

“The reason why I love drama and its become my lifestyle is that it is a lively and wonderful type of entertainment. Whether it is the cast, the stage or just the script, the ability to recreate an experience and make people think about a play is a significant impact on society” said Chandrasena.

In the course of his illustrious career, Chandrasena held positions in the Ceylon Traffic Board, Vidya Lanka and was even the Director General of the Sri Lanka Film Corporation. Chandrasena also held the renowned position of Sri Lankan President for the International Assitege Association for Youth and Children. “I was the President of the Children’s Drama Panel (under the Arts Council) where we changed the school drama festival into the children’s drama festival to make it more popular, we tied up with the Munich Children’s Theatre Company to bring some German plays and even held drama workshops islandwide,” he said.

In 1973, he joined together to join the Germans to bring two plays encompassing West Germany and East Germany. “I joined with a West German counterpart called Dr. Norbert J. Mayor who did a play with me called ‘Stokkerlock Und Millipilli’.

“In 1975, I adapted a popular East German children’s drama to Sinhala called ‘Tikiri Manike’ where a director called Hans Dieter Smidt and a stage designer, Otta Keyler helped me produce the drama which was held in association with the Goethe Institute”. He further commented, “Even though we didn’t speak the same language, it was phonetics that made me understand them.” His finale of theatre fame culminated in 1971 when he directed ‘Rankanda’ inspired by George Bernand Shaw’s ‘Pygmallion’.

Highlighting the importance of children’s drama, Chandrasena recently launched a book called Lama Natyakaranaya to help drama teachers in teaching children about theatre and amateurs who need to learn more about the subject.

“In order to make the child a good citizen of our country, we use knowledge-based, community theatre which would show them how to behave properly and lead a good life” he said. He explained that even UNICEF has started a project to introduce homeless children into drama so that they would learn how to be useful to society. “At the moment, there are about 45,000 children who are willing to learn drama in Kurunegala but are helpless due to the lack of teachers” he said.

Chandrasena said that drama is a vital tool to understand child psychology, a medium understanding for the child and a form of entertainment. “The area of children’s drama is yet to be fully elaborated and there is a dearth of drama teachers to teach proper dramatic aspects to children.

It is the most important tool to teach a child because they will carry our generation forward so we should groom them properly” concluded Chandrasena Dassanayake.

Dances, Masks and Drums of Sri Lanka

Authors: Hemasiri PREMAWARDENE,Gamini WIJESURIYA,Piyasara SHILPADHIPATHI
,
Source: Light Millennium



Dances of Sri Lanka

By Hemasiri PREMAWARDENE


There are three classical dance forms and several folk dances in Sri Lanka the classical dance forms are known as Kandyan dancing Ruhunu dancing and Saparagmu dancing; Kandyan dancing is practiced in the central hills of the island, Ruhunu in the coastal or low country areas, and Saparagamu in the province known as Saparagamuwa, particularly in the district of Ratnapura, world-famous for its gems.

The three classical dance forms differ in their styles of body-movements and gestures, in the costumes worn by the performers, and in the shape and size of the drums use to provide rhythmic sound patterns to accompany the dancing

The drum used in Kandyan dancing is known as the GETA BERE, the drum in Ruhunu dancing as the YAK BERE, and drum in Saparagamu dancing as the DAVULA (the word BERE or BERAYA in Inhale means “Drum”) The Geta Bere is beaten with the hands as is also Yaka Bere, while the Davula is played with a stick on one side and with one hand on the other side; the Geta Bere has a body which tapers on both sides while the Yak Bere and the Davula both have cylindrical bodies.

The main distinguishing feature between Kandyan and Saparagamu dancing, and Ruhunu dancing, is that Ruhunu dancers wear masks.

The classical dance forms are associated with the performance of various rituals and ceremonies which are centuries old and are based on the folk religion and folk beliefs going back to times before the advent and acceptance of Buddhism by the Sinhalese people in the third century B.C. These rituals and ceremonies reflect the values, beliefs and customs of an agricultural civilization.

The pre-Buddhistic folk religion consisted of the belief in a variety of deities and demons who were supposed to be capable of awarding benefits and blessings but also causing afflictions and diseases. Accordingly they had to be either propitiated or exorcised with offerings and the performance of rituals and ceremonies.

The repertoire of Dances in Kandyan dancing has its origins in the ritual known as the Kohomba Kankariya, which is performed to propitiate the deity known as Kohomba for the purpose of obtaining relief from personal afflictions or from communal calamities such as pestilence. Although this ritual is rarely performed at the present the various dances associated with its performance could be seen in the Kandy Perahere, and annual religion-cultural event which takes place in the city of Kandy in honor of the sacred tooth-relic of the Buddha housed in the Delude Malaga, the Temple of the Sacred Tooth.

The repertoire of Ruhunu dancing has its origins in the rituals of Devol Maduwa to propitiate a deity of the same name, and in the exorcistic rituals known as Rata Yakuma and Sanni Yakuma. Rata Yakuma and Sanni Yakuma are associated with various demons who are supposed to cause a variety of afflictions and incurable illnesses.

Saparagamu dancing is associated with the ritual known as the Gam Maduwa, which is performed to propitiate a deity called Pattini, a female. The purpose is to obtain a good harvest or to ward off evil or to be rid of and infectious disease.

Apart from the classical dance forms there are also folk dances, which are associated with folk activities and festivities. Leekeli (stick dance), Kalageldi (pot dance) and Raban (a hand drum) folk dances prevalent at the present time.

There is also in the low country a dance-drama called Kolam in which the performers wear masks depicting animals or people such as kings or high officials, and provides amusement and social satire. It has been suggested by scholars that Kolam may have developed from the ritual known as Sanni Yakuma and had later become a dance-drama independent of ritual elements.

-. -

Masks of Sri Lanka
by Gamini WIJESURIYA


Sri Lanka, and Island close to the Southern tip of India is noted for its Masks. It is not possible to say how far back this mask tradition goes in the country, but it is possible that it is a few centuries old. Masks have been used in the many rituals performed to propitiate the gods or demons or to cure some illnesses said to be caused by demons. Among these rituals, the Sanni Yakuma is quite important and all demons called into this ritual in order to be re-quested to heal the patients arrive wearing masks. In this there are eighteen masks, each one representing one or more ailments. Today one could count even up to twenty-two such masks coming in the ritual witch would prove that many new sicknesses that came to be known later were also represented by new masks. These masks have so many similarities that the best way to identify them is by listening to the description of the Sanni given by the performers. Certain masks have not changed their form although someone who is not quiet conversant with them may give them different names. Earlier in these rituals, it could be that there was one slightly big mask having on it a few more masks associated with certain ailments. In the Munich Museum, Germany is a mask of this type. This could be the forerunner to the big MAHAKOLA SANNI mask we know today which carriers in addition to the mask for the performer, eighteen other masks and a figure of a demon. The mask in Munich has only nine masks. The Mahakola Sanni mask is too big and it was certainly a very difficult task for a performer to dance with it. It may be that this mask was later used just to decorate the place at the entrance to the area where the ritual was performed. There is evidence for this if one were to examine the Mahakola Sanni mask in the Naparastek Museum in Prague. On the abdomen of the demon, there is the British coat of arms. People considered the showing of the British the coat of arms even at places of worship, quite acceptable and in order at the time, may be because the country was ruled by Britain.

The more important and very widely used masks are from KOLAM which is folk theatre. Kolam should be pretty old, but it is still not possible to say when it really started. There are many Kolam texts available and one of the earliest copies are available in the British Library. This is copied on paper. Kolam has a very clear script and characters are introduced in one particular order. This may however vary in a modern day performance. Every character in Kolam is given a mask and everyone is introduced by the leader before he enters the arena. In a Kolam performance, all performers were males. At the beginning the place is cleaned and the King and Queen arrive to witness the performance. They have very large and beautiful masks to wear and these are also quite heavy. The King and Queen have to sit through the performance, so it is not so difficult for them. However, the King is given a sward into his hand, which he usual uses to keep his big mask in position. The performance really begins after the arrival of the King and the Queen. There are the soldiers, animals, Rakshas (superior to the normal Demons) who are introduced and later there are many stories that are enacted. Kolam scripts also vary and from time to time and it appears that more new masks have been introduced. One such mask is that of a Devol Dancer, now in the collection in Leipzig, Germany. It is not possible to find any reference to this mask in any Kolam script.



The masks of the demons of Rakshas are quite interesting. An important feature is that they all have cobras on them. There is the mask of Garuda, the eternal enemy of the Cobra and one could see a cobra inside his beak. The Gara Raksha has three cobras over his head while the number of cobras on the Naga (Naga means Cobra) could be from six to twenty or even more. As the performance begins in the presence of the King and Queen, it was natural that his courtiers and minor officials also had to be there. An examination of the Kolam script would show that some of these officials are treated with a bit of sarcasm. There are the Mudliar (a high official responsible for the administration of a province) the Arachchi, village Headman his assistant and Policeman, Kolam is a very humorous play and there are many episodes played on to provoke laughter among the audience. Among such are the struggle of the old Nonchi who is trying to take home her husband Ana Bera who has had a little too much to drink and the soft corner the Mudaliar and his assistant had towards the beautiful Lencina, the wife of the washerman, JASAYA. Into this episode of Jasaya and Lencina, another woman Prancina is introduced, to prove to Jasaya was also having his mind on another woman.

There is another folk theatre known as Sokari in which also a mask is used, but this is not taken very seriously as this particular one is usually turned out of arecanut leaf or some paper. The masks do not last long like the masks from the rituals or the Kolam, which are made out well-seasoned wood, treated and painted.

It is becoming increasingly difficult to find Kolam or Sokari performances in Sri Lanka today and this is mostly due to changing values and also beliefs. Earlier it was more a community affair where villagers all got together to organize a performance contributing towards it, some with labor and some with money. Performances were usually held after harvesting and one performance could have lasted two to three nights. Today a performance lasts only a few hours and even the people who come to witness there do not have the time to sit through them for nights. Attempts have been made to use the stage for these performances like the Sanni, but the real atmosphere of a ritual seem to fade away from such performances. Masks from the Kolam, however could be used more effectively on stage as most of these masks were even originally used for entertainment.

* * * * *

Drums of Sri Lanka
Piyasara SHILPADHIPATHI


Sri Lanka has been having many types of drums in use from ancient times, and reference to these are found in some of the classical literature e.g. Pujawaliya, Thupawansaya, Dalada Siritha etc. Although there had been about 33 types of drums, today we find only about ten and the rest are confined only to names.

Drums in use today are:

1. Geta Bera (Bera Drum)
2. Yak Bera
3. Davula
4. Thammattama

5. Udakkiya
6. Dakkiya
7. Bummadiya
8. Hand Rabana
9. Bench Rabana
10. Dandu Beraya,
and Sri Lankan Drum Tradition is believed to go as far back as 2500 years.

An examination of the village society in olden times would reveal that drums were used on special occasions during the life span of people, from their birth to the death. Drums, which were originally used, for pleasure and later for rituals, came to be used in the Buddhist Temples for the many ceremonies. At a later stage, Drums were also used as a means of communication. The Davula, Thammattama and the Bench Rabana have an important place in matters of communication. Some of these functions are:

1. Ana Bera - to inform the people about orders from the King.
2. Vada Bera - drums played when a criminal is taken for beheading,
3. Mala Bera - drums used in a funeral procession and
4. Rana Bera - drums used by the army when going out to meet the enemy.

Geta Bera: This is the main drum used to accompany dances in the Kandyan or the Hill Country tradition. This drum is turned out of wood from Ehela, Kohomba or Kos tree. The drum tapers towards the ends and on the right side, the opening is covered with the skin of a monkey while the opening on the other side is covered with a cattle skin. The strings that are used tighten the sides are from a deerskin. A student who begins his training in the use of the Greta Bera has to practice twelve elementary exercises.

Yak Bera: This drum is referred to by many names among which are the Ruhunu Bera, Devol Bera and Ghoskaya. This drum normally accompanies the dances from the low country, especially the mask dancing connected with rituals and the folk play Kolam. The drum is turned out of wood taken from the Kohomba, Ehela, Kitul or Milla trees. This is a cylindrical drum, fairly long and is played on both sides with hands. The openings on the two sides of the drum are covered with the stomach lining of a cow. The strings used to tighten the sides are from cattle skin. A student has twelve elementary exercises to learn to play this drum.

Davula: This drum is used in most of the Buddhist ceremonies all over the island. This drum is cylindrical, but much shorter than the Yak Bera. An important feature of this drum is that one side is played with the hand while the other side is played with a stick. The sides are covered with cattle skin and the tightening is done with a string made specially for the purpose. These are also twelve elementary exercises to be followed by a person learning to use the drum.

Thammattama: This is also referred to as the Twin Drum. This drum is played with two sticks. The tow drums are of different sizes and while the right one produces a louder sound, the left one produces a looser sound. The drums which have only the top side covered either with the skin of the cow or a buffalo. The wood used is from Kos, Kohomba and Milla trees. They used special sticks to play drums and the wood is from a creeper known as Kirindi.

Udekkiya: The smallest drum among the local drums is the Udekkiya. This is played with one hand the sound is controlled by pressure applied on the strings. The drum is lie the hour glass and is made out of wood from Ehela, Milla and Suriya. The drum is painted with lacquer. The openings are covered with skin from the iguana, monkey or goat.

Dakkiya: This is similar to the Udekkiya, but bigger. This is used mainly for rituals. The drum is hung on the shoulder of the player and the sound is controlled by applying pressure on the strings.

Bummadiya: This is the only drum turn out of clay. The single opening is covered with the skin of goat, monkey or iguana. The drum is hung on the shoulder of the player and it is played with both hands. During harvesting, people could be seen playing this drum accompanied by singing. The drum is in the shape of a pot.

Hand Rabana: Rabana is about one foot in diameter and is turn out of wood from Kos and Milla. The skin used is that of a goat. Some performers keep revolving the rabana on the tip of their fingers while others play it accompanied with singing. This is played with one hand only.

Bench Rabana: This is the biggest of the drums used in Sri Lanka. The special feature of this drum is that it is played at a time by two or more people. They use both hands. This drum is commonly used for New Year festivals and there are many special rhythms played on them. It is mostly played by women.